යුරෝපා සංචාරයක් නිම කර සිය රට බලා පැමිණි වියට්නාම ගායිකාවක සහ මානව හිමිකම් ක්‍රියාකාරිනියක වන මේ කෝයි එරට රැඳවුම් භාරයට තිබේ.
මේ කෝයි පැය අටක කාලයක් රඳවා තබාගෙන නිදහස් කර ඇති අතර ඇගේ නවතම සංගීත ඇල්බමයේ පිටපත් රාජසන්තක කර ඇති බව ද ඇයගේ ස්වාමි පුරුෂයා විදෙස් මාධ්‍ය වෙත පවසා ඇත.
නිදහස් භාෂණය වෙනුවෙන් හඬ නගන මෙම වියට්නාම ගායිකාව 2016 දී එක්සත් ජනපද ජනපති බැරක් ඔබාමා හමු වී තිබුණි.
වියට්නාමයේ හිමිකම් ක්‍රියාකාරීන්ගේ මර්දනයක් සිදුවන කාලවකවානුවක මේ කෝයි මෙසේ රැඳවුම් භාරයට ගෙන තිබීම විවේචනයට හේතු වී ඇත.
රජය විවේචනය කිරීම හෝ රජයට එරෙහිව උද්ඝෝෂණ පැවැත්වීම නිසා මෑතකාලීනව අවම වශයෙන් 129 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇතැයි හියුමන් රයිට්ස් වොච් රාජ්‍ය නොවන මානව හිමිකම් සංවිධානය ප්‍රකාශ කර තිබේ.
“ආගමන විගමන නිලධාරීන් ඇය යුරෝපයේ සිටින විට සිදු කළ අලුත් වැඩකටයුතු සහ මානව හිමිකම් ක්‍රියා පිළිබඳව ප්‍රශ්න කර තිබෙනවා. ඇගේ නවතම සංගීත ඇල්බමයේ පිටපත් රාජ සන්තක කර තිබෙනවා,” යනුවෙන් මේ කෝයි ගේ ස්වාමි පුරුෂයා වූ බෙන් ස්වන්ටන් පැවසුවේය.
ඇය එරට රජයේ ඉලක්කයක් බවට පත් වී ඇති හේතුව මෙතෙක් පැහැදිලි නැත.