ළමා සාහිත්‍ය වෙනුවෙන් ලොව වැඩිම වටිනාකමක් පිදෙන ඇස්ට්‍රිඩ් ලින්ඩ්ග්‍රෙන් සමරු ත්‍යාගය ඇමරිකා එක්සත් ජනපද ළමා ලේඛිකා ජැකලින් වුඩ්සන් දිනාගෙන තිබේ.
ඒ අනුව එළඹෙන මැයි 28 වැනිදා ස්වීඩනයේ ස්ටොක්හෝම් අගනුවර පැවැත්වෙන සම්මාන උළෙලකදී ජැකලින් වුඩ්සන් හට ස්වීඩන් ක්‍රෝන මිලියන 5 ක් එනම් ඇමරිකානු ඩොලර් හය ලක්ෂයක වටිනාකමකින් යුත් මුදල් ත්‍යාගයක් පිරිනැමෙනු ඇත.
ඇස්ට්‍රිඩ් ලින්ඩ්ග්‍රෙන් සමරු ත්‍යාගය දිනා ගන්නා 15 වැනි ලේඛකයා ඇය වේ.
ජාතික සම්මානය දිනා ගත් බ්‍රවුන් ගර්ල් ඩ්‍රීමින්ග් ඇතුළු අනෙකුත් කෘතීන් ජැකලින් විසින් රචනා කර ඇත්තේ සිය ළමා කාලයේ මතකයන් අළලා ය.
ජැකලින් වුඩ්සන් විසින් රචිත සමස්ත කෘතීන් සංඛ්‍යාව 30 කට අධික වේ.
එසේම යෞවන සාහිත්‍ය පිළිබඳ ජාතික තානාපති ලෙස ද පසුගිය ජනවාරියේදී එක්සත් ජනපදය විසින් ඇය නම් කරන ලදී.
ස්වීඩන් ජාතික ඇස්ට්‍රිඩ් ලින්ඩ්ග්‍රෙන් ලේඛිකාව අනුස්මරණය කරනු පිණිස එරට රජය විසින් 2002 පටන් මෙම සාහිත්‍ය සම්මාන ජාත්‍යන්තර වශයෙන් පිරිනැමීමට කටයුතු කරයි.