මනෝ විශාද රෝගී තත්වය සමනය කරගැනීමට තමන් ගෙන යන අරගලය පිළිබඳ හෙළි කිරීමෙන් පසුව රසිකයන් දැක්වූ සහයෝගයට ප්‍රකට හොලිවුඩ් රංගන ශිල්පී ඩ්වේන් ජොන්සන් සිය කෘතඥතාව පළ කර තිබේ.
ඔහුගේ මව සියදිවි නසා ගැනීමට ගත් උත්සහයක් සහ සිය ජිවිතයේ “අඳුරු අවදිය” ගැන 45 හැවිරිදි වියේ පසුවන ඩ්වේන් “ද එක්ස්ප්‍රස්” පුවත්පත සමඟ පැවති සාකච්ඡාවක් අතරතුරදී පවසා තිබුණි.
ට්විටර් සමාජ මාධ්‍ය ඔස්සේ පණිවිඩයක් නිකුත් කරමින් ඔහු පවසා ඇත්තේ “විශාල ප්‍රතිචාර ප්‍රමාණයක් ලැබුණා. ඒවාට ස්තුතියි,” යනුවෙනි.
“කිසිවිටක වෙනස් නොවන මානසික විශාද වලට අපි බොහෝදෙනෙක් මුහුණ දෙනවා.”
“එය තේරුම් ගැනීමට මට ලොකු කාලයක් ගියා. ඒත් ඊට මුහුණ දෙන්න, ඒ ගැන විවෘතව කියන්න බය නොවන එකම තමයි විසඳුම වන්නේ.”
තමන් මානසික රෝගී තත්වයකින් පිඩා විඳි බව මින් පෙරදී ද ඩ්වේන් ඉඟි පළ කර තිබුණි.
ඔහුගේ රසිකයෙක් මේ පිළිබඳ විමසු විට ඩ්වේන් මෙසේ පිළිතුරු දී ඇත.
“මට ඔබව ඇහෙනවා. මම ඒ මෘගයා එක්ක කිහිප වතාවක්ම සටන් කර තිබෙනවා.”
ෆාස්ට් ඇන්ඩ් ෆියුරිස්, ජුමන්ජි වෙල්කම් ටු ද ජන්ගල්, බේ වොච්, හර්කියුලස්, සෙන්ට්‍රල් ඉන්ටෙලිජන්ස් වැනි ප්‍රකට චිත්‍රපට ගණනාවක් සඳහා සිය රංගන දායකත්වය සැපයු ඩ්වේන් ජොන්සන් ලොව වැඩිම ආදායම් ලබන නළුවන් අතර ඉදිරියේම පසුවේ.