රන්මිහිතැන්න ටෙලිසිනමා ගම්මානය පහුගිය රජය විසින් ඉදිකරණු ලැබුවේ විදේශීය ටෙලිනාට්‍ය මෙරට රූපවාහිනී නාලිකාවල පෙන්වීම අධෛර්ය නිරීම වෙනුවෙන් පනවන ලද බදුමුදල් වලිනි.රන්මිහිතැන්න ඉතා දුර බැහැර ප්‍රදේශයක් වූ බැවින් කලාකරුවෝ රැසක් මෙම ටෙලිිසිනමා ගම්මානය රන්මිහිතැන්නෙහි ඉදිකිරීම ප්‍රායෝගික නොවන බව පවසමින් විරුද්ධ වුවද ජනාධිපතිවරයාගේ හිතමිත්‍ර කලාකරුවන්ගේ මැදිහත්වීමෙන් ඒ විරෝධය නොසලකා හැර රන්මිහිතැන්න ටෙලි සිනමා ගම්මානය ඉදිවිය.
අනතුරුව මෙම ටෙලි සිනමා ගම්මානය සිනමා හා රූපවාහිනී නිර්මාණකරුවන්ගේ නාට්‍ය හා චිත්‍රපට වෙනුවෙන් යොදවා ගැනිනි. රන්මිහිතැන්න කොළඹින් ඉතා දුර ප්‍රදේශයක ඉදිවූ නිසා මෙහි නිර්මාණ කටයුතු සඳහා බාවිතා කිරීම බලාපොරොත්තු වූ තරම් සංඛ්‍යාත්මක වශයෙන් සහ ආර්ථික වශයෙන් ඉහළ යාමක් නොවුනද රන්මිහිතැන්න නැරඹීමට එන සාමාන්‍ය ජනතාවගෙන් මාසිකව යම් මුදලක් උපයන්නට රන්මිහිතැන්න සමත්විය.
රන්මිහිතැන්න කොන්දේසි රහිතව අවබාවිතා කරළා
රන්මිහිතැන්න පසුගිය රජය කාලයේ එක්තරා චිත්‍රපට සමාගමක් විසින් කොන්දේසි රහිතව අවබාවිතා ද කර තිබුන රහසක් නොවන රහසකි. බොම්බෙ වෙල්වට් නම් ඉන්දියානු චිත්‍රපටය නිර්මාණය සඳහා ලංකාවට පැමිණි කණ්ඩායමෙන් වෙනත් පුදගලයන් මුදල් ලබාගනිද්දි අදාළ මුදල් රන්මිහිතැන්නට අහිමි වූ බවට ඒ් පිළිබඳව දන්නා අය පැවසීය. බොම්බෙ වෙල්වට් නිෂ්පාදනය වෙනුවෙන් දැවැන්ත රගහලක් එහි ඉදිකර තිබේ. එය පරිස්සම් කරනවාද නැද්ද යන්න වෙන කතාවකි. කෙසේවුවද දේශීය සිනමා නිර්මාණ කිහිපයක්ද රන්මිහිතැන්නේ රූගත කිරීම් කරන ලදී. එහි ප්‍රවර්ධන කටයුතු සඳහා රජයට උවමනාවක් නැති වුව එය ආදායම් ලබන සිනමා නගරයක් බවට පත්කළ හැකි තැනකි.
රන්මිහිතැන්න ටෙලි සිනමා ගම්මානය චීන සමාගමකට ලබා දීමටත් එහි දැනට පවතින පසුතල නිර්මාණ ඇල්පිටිය ප්‍රදේශයේ ප්‍රතිස්ථාපනය කිරීමටත් ආණ්ඩුව සැලසුම් කර ඇතැයි වාර්තා වේ.
ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ පවතින ටෙලි සිනමා ගම්මානය දිගින් දිගටම පාඩු ලබන ආයතනයක් ලෙස සලකා මෙසේ චීන සමාගමකට පවරා දීමට කටයුතු කරන අතර අදාළ චීන සමාගම රන්මිහිතැන්න සතුව පවතින අක්කර 235 ක භූමි ප්‍රමාණය ද ප්‍රමාණවත් නොවන බව දන්වා ඇත.
රන්මිහිතැන්න මිලදී ගැනීම සඳහා කැමැත්ත පළ කර ඇති චීන සමාගමේ දේශීය ඒජන්තයා වන්නේ හිටපු එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිත ආචාර්ය පාලිත කොහොන මහතායි.
රාවණා බලකොටුවත් ඉල්ලලා
රන්මිහිතැන්නේ අක්කර 235ට අමතරව තවත් අක්කර 765 ක් ද ලබා දෙන ලෙස චීන සමාගම ඉල්ලීමක් කර ඇති අතර ඒ අනුව චීන සමාගම විසින් ස්ථාපිත කිරීමට නියමිත ටෙලි සිනමා ගම්මානය සඳහා අක්කර දහසක භූමියක් ලබා දෙන ලෙසට ඉල්ලීමක් ඉදිරිපත් වී ඇත.
රන්මිහිතැන්න අවටින් ඉල්ලා ඇති එම ඉඩම් ප්‍රමාණයට රාවණා බලකොටුව ආශ්රිත වෙරළ කලාපය ද ඉල්ලා ඇතැයි දැනගන්නට ඇත.
අදාළ ඉඩම් ලබා දීමට පියවර ගතහොත් යාල වනාන්තරය ආශ්රිත වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ඉඩම් ද ඊට ඇතුළත් වනු ඇත.
ටෙලි සිනමා ගම්මානයේ ඇති පසුතල ආකෘති ඇල්පිටිය ට
චීන සමාගමට අදාළ ඉඩම් ලබා දීම සඳහා දැනට රන්මිහිතැන්න ටෙලි සිනමා ගම්මානයේ ඇති පසුතල ආකෘති ඇල්පිටිය ප්‍රදේශයේ ප්‍රතිස්ථාපනය කිරීමට අමාත්‍යවරයකු ඇතුළු කලාකරුවන් කණ්ඩායමක් උත්සාහ කරමින් සිටින බව ද දැනගන්නට ඇත.
එම එකඟතාව මත චීන සමාගම ඉල්ලා ඇති ඉඩම් ප්‍රමාණය ලබා දීමට ද සැලසුම් කර ඇතැයි පැවසේ.
රන්මිහිතැන්න චීන සමාගමට ලබා ගැනීමට යෝජනා කර ඇද්දැයි පාලිත කොහොන මහතාගෙන් විමසා සිටි අවස්ථාවේදී ඔහු පැවසුවේ එවැනි කතාබහක් කෙරී ඇතත් චීන සමාගමට අදාළ ආයෝජනය සිදු කිරීම සඳහා දැනට පවතින ඉඩම් ප්‍රමාණය ප්‍රමාණවත් නැති බව දැනුම් දී ඇති බවයි.
රන්මිහිතැන්න මිලදී ගැනීම සඳහා චීන සමාගම උනන්දුවක් දක්වා ඇතත් ඒ පිළිබඳව අවසන් තීරණයක් ගෙන නැතැයි ද ඒ මහතා පැවසුවේය.
අමාත්‍යාංශ ලේකම් දැණුවත් නැහැ
රන්මිහිතැන්න ටෙලි සිනමා ගම්මානය චීනයට පැවරීම සඳහා ජනමාධ්‍ය හා තොරතුරු අමාත්‍යාංශය සූදානමින් සිටිනවා දැයි එම අමාත්‍යාංශ ලේකම් නිමල් බෝපගේ මහතාගෙන් අප කළ විමසීමේ දී හෙතෙම සඳහන් කළේ එවැනි තීරණයක් ගෙන නැති බවයි.
එවැනි තීරණයක් ගතහොත් තමා ඊට පළමුවෙන්ම එරෙහි වන බව ද ඔහු කීවේය.කෙසේ වුව ද එවැනි කතාබහක් සිදු වුණාදැයි තමන් නොදන්නා බව ද හෙතෙම පැවසුවේය.
රන්මිහිතැන්නට කලාකරුවන්ට යාමට ඒමට දුර වැඩි නිසා එම ආකෘති ඇල්පිටිය ප්‍රදේශයේ ප්‍රතිස්ථාපනය කරන්නැයි කලාකරුවන්ගෙන් යෝජනා කෙරී තිබූ බව හෙතෙම කීවේය. කෙසේ වුව ද ඒවා කතාබස් මිස අවසන් නිගමන නොවන බව ද ලේකම්වරයා අවධාරණය කළේය.
2010 මාර්තු 30 වන දින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ටෙලි සිනමා ගම්මානය විවෘත කරනු ලැබූ අතර පළමු අදියර සඳහා රුපියල් මිලියන 600 ක් වැය කර තිබිණි.එහි iiසහ iii අදියර සඳහා තවත් රුපියල් මිලියන 1500 ක් වැය කිරීමට ඇස්තමේන්තු කර තිබිණි.
ටෙලිනිස දන්නෙත් නැහැ
මිරර් ආර්ට්ස් මේ පිළිබඳව ටෙලිනිර්මාණවේදීන්ගේ සංසදයේ සභාපති සහ ලේකම්ගෙන් කරුණු විමසූ අවස්ථාවේ ඔවුන් මේ පිළිබඳව දැණුවත් නැති බව පැවසූ අතර ලේකම්වරයා පැවසූයේ රන්මිහිතැන්න දුර බැහැර ප්‍රදේශයක ඇති නිසා බොහෝ කලාකරුවන් එය බාවිතා කිරීමට මැලිකමක් දක්වන බවත්, ටෙලිනාට්‍ය ක්ෂෙත්රයේ අයට එවන් දුර බැහැරක යාම ප්‍රායෝගික නොවන කාරණයක් බවත්, කොළඹට ආසන්න ප්‍රදේශයකට මෙය නැවත ස්ථාපිත වනවානම් ප්‍රායෝගික බවත්, නමුත් සිදුවන්නට යන මේ ක්‍රියාවලිය පිළිබඳ අධ්‍යනය කිරීම සහ වහාම සාකච්ජා කිරීම අත්‍යාවශ්‍ය බවත් මේ තුළින් යම් හානියක් සිදුවන්නේනම් ඒ සම්බන්ධයෙන් සාකච්ජා කළයුතු බවත් පැවසීය.
https://mirrorarts.lk/news/297-2016-12-17-04-40-51#sigProIdfad7d1157f