ශ්‍රී ලංකා රාජ්‍ය ඡායාරුප තරගය 2018 සඳහා නිර්මාණ භාරගන්නා අවසන් දිනය ඡායාරුප ශිල්පීන්ගේ ඉල්ලීම පරිදි මැයි 25 වැනිදා තෙක් දීර්ඝ කර තිබේ.
රාජ්‍ය මැදිහත්වීම තුළ උසස් ප්‍රමිතියකින් යුතු නිර්මාණශීලී ජායාරූප කලාවක් බිහිකිරීමේ සහ ප්රබුද්ධ ඡායාරූප රසඥතාවක් ඇති කිරීමට දායකවීමේ අරමුණ ඇතිව සංවිධාන කෙරෙන මෙම තරගය අංශ 5ක් යටතේ පැවැත්වේ.
එම තරග අංශ මෙසේය,
වාර්ෂික තේමාගත අංශය - මිනිස් ක්‍රියාකාරකම්හි පාරිසරික බලපෑම්
පරිසරය කෙරෙහි අසංවේදීව සිදුකෙරෙන විවිධ මිනිස් ක්‍රියාකාරකම් නිසා පරිසර පද්ධතීන්ට සිදුවන බලපෑම සමස්ත ලෝකයටම අහිතකර ප්‍රතිඵල අත්කරදෙන බව නොරහසකි.එබඳු ක්‍රියාකාරකම් නිසා පරිසරයට සිදුවන්නා වූ විපර්යාසයන් හා ජෛව විවිධත්වය කෙරෙහි සෘජු හෝ වක්‍රව ඇතිවන්නා වූ බලපෑම් විදහා දැක්වෙන ඡායාරූප මෙම අංශයට ඇතුළත් වේ.
ජිවන රටා සහ සංස්කෘතිකාංග
ජිවිතයේ එදිනෙදා සිදුවීම් ඇතුළත් ඡායාරූප ,වීදි ඡායාරූප, ආගමික ඇදහිලි, විශ්වාස, උත්සව සහ විවාහ මංගල අවස්ථා ඇතුළු සියලුම ආකාරයේ සංස්කෘතික ක්‍රියාකාරකම් පිළිබිඹු වන ඡායාරූප මේ අංශයට අයත් වේ.
සොබා දහම, වනජීවී හා භු දර්ශන
වනජීවීන්ගේ විවිධ චර්යා රටා ඇතුළත් ඡායාරූප, වනජීවී අලේඛ්‍ය ඡායාරූප, ක්ෂුද්‍ර සහ සුක්ෂ්ම ඡායාරූප, දිලිර රටාවන්, භූ දර්ශන ඇතුළු සොබාදහමේ විවිත්රවත් බව විදහා දක්වන ඕනෑම ඡායාරූපයක් මෙම අංශයට අයත් වේ.
ජනමාධ්‍ය, ප්රවෘත්ති හා ක්‍රීඩා
ප්‍රසිද්ධ ජනමාධ්‍යයන්හි පළවු හෝ නොවූ ප්රවෘත්තිමය වටිනාකමකින් යුක්ත ඕනෑම අවස්ථාවක ප්රස්තුත විෂය ක්ෂණිකව ග්‍රහණය කරගන්නා ලද ඡායාරූප සහ ක්‍රීඩා ක්ෂේත්රයට අදාළ ඕනෑම ඡායාරූපයක් මෙම අංශය සඳහා ඉදිරිපත් කළ හැක. 2017-2018 දෙවසර තුළ ගන්නා ලද ඡායාරූප පමණක් මෙම අංශය සඳහා වලංගු වේ.
විවෘත අංශය
ඕනෑම තේමාවක් යටතට ගතහැකි, සංස්කරණය කළ හෝ නොකළ නිර්මාණාත්මක ඡායාරූප මේ අංශයට අදාළ වේ. අමුර්ත (Abstract),අධිසත්තාවාදි (Surrealist), නිශ්චල ජිවන (still Life), රාත්‍රි (Night Photography), විලාසිතා (Fashion & Beauty), වෙළද ප්‍රචාරණ (Commercial), වාස්තු විද්‍යාත්මක (Architectural), පුද්ගල ආලේඛ්‍ය(Portraits), සංචරණ (travel) හෝ වෙනත් ඕනෑම වර්ගයක ඡායාරූපයක් මෙම අංශයට ඉදිරිපත් කළ හැක.
අයදුම්පත් දිවයිනේ ඕනෑම ප්‍රාදේශීය ලේකම්, දිසා ලේකම් කාර්යාලයකින් ලබා ගත හැකි අතර සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවියෙන් ද බාගත කරගත හැකිය.
ඡායාරුප සම්මාන උළෙල සහ එම ප්‍රදර්ශනය අගෝස්තු 19, 20, 21 යන තෙදින තුල කොළඹදී පැවැත්වේ.
විමසීම් 011 4327597