එය ළමා රියැලිටි ප්‍රසංග නොතිබූ යුගයකි. කෘත්‍රිමව හැඩ ගැස්වූ ළමා අභිනයන්ගෙන් තොරව සැබෑ ළමුන් සැබෑ ලෙසින් ගී ගැයූ යුගයකි.
ඉදින් , අනූව දසකයේ මුල් භාගය වන විට ප්‍රියංකා වීරසේකර නොහඳුනන පාසල් දරුවෙකු සොයා ගැනීම උගහටය. "චූටි කුරුල්ලනි චූටි බටිත්තනි පියා සලා අහසේ" නොගැයෙන පාසලක් නැති තරම් ය.
දන්නා තරමින් ඇය කලක් ලංකාවේ ලාබාලතම විශාරදවරිය වී සිටියායා. පේෂලා මෙන්ඩිස් ගුවන් විදුලියට ගැයූ " මිදුලේ වැලි මාලිගාවේ " ගීතය රූපවාහිනියට ගෙන එන්නේ ද මේ දැරියය. ඒ සුන්දර අනූව දසකයයි.
ඒ දැරිය , ළමා ගායිකාව අද ක්ෂේත්රයේ දකින්නට නැත. නමුත් ආචාර්ය ප්‍රියංකා වීරසේකර අද වන විට සිටින්නේ සිටින්නේ සබරගමුව විශ්ව විද්‍යාලයේ භාෂා අංශ ප්‍රධානී තනතුරේය.
ඇය එදා ගැයූ ලෙසින්ම පිහිනා සිප් සයුර දෙතෙර - සියල් සතර දැන පිළිසිඳ පැමිණ ඇත.
රූපවාහිනියට සහ ගුවන්විදිලියට ප්‍රියංකා අමතක වුවද ඒ ස්වර්ණමය යුගය ඇයට අමතක වන්නට නොහැකිය.
ඒ සැබෑ ළමුන් ගැයූ සැබෑ ළමුන්ගේ ලෝකයයි.
- සහන් කසීර වික්‍රමසිංහ -