ගායන ශිල්පී මධුමාධව අරවින්ද විසින් රචිත කුළුඳුල් කෘතිය “මම ඇත්තක්” නමින් එළිදැක්වීමට නියමිතයි.
ඒ එළඹෙන ජූනි මස 10 වැනිදා සවස 6.30 ට කොළඹ ආනන්ද විද්‍යාලයේ කුලරත්න ශාලාවේ දී යි.
එසේම වසර 10 ක නිහැඬියාවකින් පසු ගීතයක් නිකුත් කිරීමට ද එදින ඔහු සුදානමින් පසුවෙනවා.
මාධව හේවාවසම් රචනා කර මධුමාධව අරවින්ද විසින් ගායනා කරන “දුරස්වෙලා පසුතැවෙන” නම් මෙම නවතම ගීතය ද කෘතිය එළිදැක්වීමට සමගාමිව ජනගත කිරීමට නියමිතයි.
ඔහුගේ ජීවිතය ගැන කවුරුත් නොදන්නා බොහෝ දේ මේ ග්‍රන්ථය තුලින් මධුමාධව කතාබහට ලක් කරලා තියෙනවා කියලා තමයි මිරර් ආට් අපිට වාර්තා වෙන්නේ.
කොහොම නමුත් තමන් මේ හෙළි කරන ඇත්ත තුලින් අනිත් පාර්ශවයන්ට අසාධාරණයක් නොවන බවයි ජනප්‍රිය ගායන ශිල්පි මධුමාධව අරවින්ද පවසා ඇත්තේ.