“හෙරෙඩිටරී” සිනමාපටය බොහෝ විචාරකයන් හඳුන්වා දී තිබෙන්නේ “වසර ගණනාවකින් එළිදක්වන අතිශය භීතිය උපදවන සිනමාපටයක්” ලෙසයි.
එසේම විචාරක මත අනුව මෙම සිනමාපටය 2018 වසරේ බලාපොරොත්තු සහගත චිත්‍රපට අතුරින් ඉහළම ස්ථානයක සිටින බව පැවසිය හැකියි.
තම පරම්පරාවේ ජාන වල අමනුෂ්‍ය DNA පවතින කාන්තාවකගේ චරිතය එනම් මෙහි ප්‍රධාන චරිතය සඳහා පණ පොවන රංගන ශිල්පිනි ටෝනි කොලේට් මේ වනවිටත් බොහෝ දෙනෙකුගේ පැසසීමට ලක්ව ඇත.
“හෙරෙඩිටරී මගේ හෘද ස්පන්දනය තුන් ගුණයකින් ඉහල දැම්මා, මා අතිශයින් භීතියට ඇද දැමුවා,” යනුවෙන් සිනමා විචාරකයෙක් සහ රචකයෙක් වන පීටර් බ්‍රැඩ්ෂෝ සිය අදහස් දක්වා තිබේ.
“කොලේට් ගේ චරිත නිරුපනය අති විශිෂ්ට බව ඇය තිරයේ දක්නට ලැබෙන හැම අවස්ථාවේදීම තහවුරු කළා.”
අරි අස්තර් ගේ අධ්‍යක්ෂණයක් වන “හෙරෙඩිටරී” එළඹෙන ජූනි මස 8 වැනිදා ඇමරිකා එක්සත් ජනපදයේ තිරගත කිරීමට නියමිත ය.
මිලී ශපිරෝ, ඇලෙක්ස් වොල්ෆ්, ගෙබ්‍රියෙල් බිර්නි ඇතුළු පිරිසක් මෙහි රංගන දායකත්වය සපයා ඇත.