සමාජ මාධ්‍ය ඔස්සේ එල්ල කළ විවිධ වර්ගවාදී සහ ලිංගික අපවාද වලින් මාස ගණනක සිට පිඩාවට ලක් වූ සුප්‍රකට ස්ටාර් වෝස් සිනමාපටයේ රංගන ශිල්පිනි කෙලී මාරි ට්‍රැන් සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමෙහි සියලුම පණිවිඩ සටහන් මකා දමා තිබෙනවා.
2017 දී ප්‍රදර්ශනය වුණු ස්ටාර් වෝස් ලාස්ට් ජෙඩායි හි රෝස් ටිකෝ නම් චරිතයට ඇය පණ පොවනු ලැබුවා.
එම චිත්‍රපටය නිසා තමන් වෙත රසිකාදරය ලැබේය යන විශ්වාසය කණපිට පෙරලමින් සමහර රසිකයන් වෙතින් එල්ල වූ ඉතා කටුක විවේචන වලට ඇයට මුහුණ දීමට සිදු වුණා.
ඔවුන් කෙලී මාරි ට්‍රැන් වෙත අපවාදාත්මක ප්‍රකාශ සිදු කර තිබුණේ ඇගේ වාර්ගිකත්වය සහ පෙනුම ඉලක්ක කරගනිමින්.
කෙලී වෙත පෞද්ගලිකව කර්කශ විවේචන පළ කරන රසිකයන් හුදෙක් “අසනිපකාරයෝ” ලෙස හඳුන්වමින් ස්ටාර් වෝස් ලාස්ට් ජෙඩායි හි අධ්‍යක්ෂක රයන් ජොන්සන් ඇය වෙනුවෙන් පෙනී සිටියා.
කොහොම නමුත් මෙම රංගන ශිල්පිනිය සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමෙහි ඇය පළ කළ සියලුම සටහන් මකා දමා තිබෙනවා.
“බයයි, ඒත් කොහොමහරි මේක කරනවා,” කියන පාඨය සහිතව ඇගේ එම ගිණුම පිටතින් පමණක් පෙනෙන්නට තිබෙන බවයි දකින්නට ලැබෙන්නේ.