ප්‍රාදේශීය කණ්ඩායම් විසින් එල්ල කර ඇති තර්ජන හමුවේ ඉන්දීය සුපිරි තරු රජිනිකාන්ත් ගේ නවතම සිනමාපටය “කාල” දකුණු ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තය තුළ මේ වනතෙක් ප්‍රදර්ශනය කිරීමට ඉඩ ලැබී නැත.
කාවේරි නදියේ ජලය බෙදා ගැනීම සම්බන්ධයෙන් රජිනිකාන්ත් වාසය කරන තමිල්නාඩුව සමඟ ඇති කරගත් ආරවුලක් නිසා මෙම සුපිරි තාරකාව තමන්ට එරෙහිව සිටින්නේය යන හැඟීමෙන් කර්ණාටක උද්ඝෝෂණකරුවන් කෝපයෙන් පසුවන බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ.
ඉන්දීය සිනමාවේ අග්‍රගන්‍ය රංගන ශිල්පියෙකු ලෙස සලකන රජිනි ගේ රසිකයන් විශාල ප්‍රමාණයක් මෙම ප්‍රාන්ත දෙකෙහිම වාසය කරති.
ඒ අනුව කර්ණාටක ප්‍රාන්තය තුල මෙම සිනමාපටය ප්‍රදර්ශනය නොවුණහොත් නිෂ්පාදකයන්ට ඉන් බලවත් පාඩුවක් වනු ඇත.
“කාල” නැරඹීමට එන රසිකයන් හට ප්‍රවේශ පත්‍ර ලබා නොගැනීමට විරෝධතාකරුවන් ඉඩ ලබා දී නැත.
කෙසේ වෙතත් සිනමාපටය එළිදැක්වීම කටයුතු කරන මෙන් රජිනි කාන්ත් කර්ණාටක ප්‍රාන්තයේ ප්‍රධාන අමාත්‍ය වෙත ප්‍රසිද්ධ ඉල්ලීමක් කර තිබේ.