සමනළී ප්රමුඛ තරුණ පරපුර 2015 මැතිවරණයේදී පැවති ඒකාධිපති දේශපාලන ක්රමය බිඳ හෙලා රටෙහි ප්රජාතන්ත්රවාදය තහවුරු කිරීම වෙනුවෙන් ජීවිත තර්ජනද නොසළකා මැදිහත් වූයේ පුරවැසි වගකීම ඉටු කිරීම වෙනුවෙනි. සමනළී ඇතුළු තරුණ පරපුරට මැර ප්රහාරද එල්ලවිය.එවන් කැපකිරීම කළ ඇය සිදුව තිබෙන දේශපාලන කුමන්ත්රණය පිළිබදව සිය අදහස් 'අනිද්දා' පුවත්පතට දක්වා ඇත.
අපි කලාකාරයෝ විදියට කිසිම දෙයක් බලපොරොත්තු නොවී 2015 ජනාධිපතිවරණයේදී වැඩ කළේ. ඒ සියල්ල ජනාධිපතිවරයා විසින් පාවාදීම ඉතාම කණගාටුදායක විදියට රටට බලපාලා තියෙනවා. අපි මෛත්රීපාල සිරිසේන මහත්මයාව බලයට ගේනකොට ඔහු නිර්මල දේශපාලනයක් කරයි කියලා බලපොරොත්තු වුනේ නැහැ. නමුත් අපි බලාපොරොත්තු වුණා යම් යම් වෙනසක් පොදු ජනතාවගේ බලපෑම මත කරයි කියලා.
ඒ වෙනකොට තිබුණ මහින්ද රාජපක්ෂ සංස්කෘතිය අපිට බිඳ දාන්න පුළුවන් වෙයි කියන හැඟීමක් අපිට තිබුණා. නමුත් මේ වෙලාවේ මෛත්රීපාල සිරිසේන කියන්නේ මහින්ද රාජපක්ෂට වඩා දරුණු පුද්ගලයෙක් බවට පත්වුණ කෙනෙක්.
මෑතකදී ආරක්ෂක අංශ ප්රධානියෙකුට වත්මන් ජනාධිපතිවරයාම මැදිහත් වෙලා ලියුමක් යවලා තිබුණා. ඒ සිද්ධිය ඉතාම බරපතලයි භයානකයි.මේ හැම දේකම තියෙන බරපතලකම මිනිස්සුන්ට තේරෙනවාද දන්නේ නැහැ. මොකද මේ දේශපාලනයේ අනතුර දැනට තියෙන්නේ වෙනම තලයක නිසා.
එජාපෙත් සුපිරිසිඳු නැ..කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂ පාර්ශ්වයත් පසුගිය කාලයේ තමන්ට ලැබුණු ජනවරම කඩ කරපු බව කියන්නට වෙනවා.ජනාධිපතිවරයාව තනි කරන්නත් ඔවුන් කටයුතු කරන්න ඇති. මම මේක කියන්නේ ජනාධිපතිවරයාගේ පාවාදීම සාධාරණීකරණය කරන්න නෙවෙයි.අනික් පාර්ශ්වයත් සුපිරිසිඳු නැති බව සිහිපත් කරන්න."