නදීක ගුරුගේ මෙරට සම්ප්‍රදායික සංගීතයෙන් ඔබ්බට ගොස් නව මානයක්, නව දර්ශනයක් සංගීතයට එක්කල සංගීතඥයෙක්. ඔහු පසුගිය ඔක්තෝබර් 26 දින ජනාධිපතිවරයා විසින් කරන ලද ප්රජාතන්ත්රවිරෝධී ක්‍රියාවන් පිළිබඳ අදහස් දක්වමින් මෙසේ ප්‍රකාශ කළා.
"යුක්ති ගරුක නීති ගරුක සාධාරණ සමාජයක් සඳහා කලාකරුවන්, විද්වතුන්, දේශපාලන පක්ෂ සිවිල් සමාජය ඇතුළු බහුතරයක් ජනතාව බලාපොරොත්තු තියාගත්තා. 2015දි තීරනාත්මක තීන්දුවක් ගත්තා එවකට පැවති රජය පවත්වා නොගත යුතුයි කියලා.ඒ නිසා කලාකරුවන්, සිවිල් සමාජය ඇතුළු බහුතරයක් එකතුවෙලා ඒ රජයට තීන්දුවක් දුන්නා. දීලා නව පාලනතන්ත්රයක් ගෙන ඒම කෙරෙහි මැදිහත්වීමක් කළා ප්‍රබල.
නමුත් සිදුවුනේ මොකද්ද ඒ සදාචාර සම්පන්න, යුක්තිගරුක, නීතිගරුක, සාධාරණ සමාජය ඇතිකිරීමට පොරොන්දු දීපු ඒ ඇති කිරීමේ අධ්‍යාෂයෙන්, ඇතිකිරීමේ නාමයෙන් බලයට ආපු පක්ෂ ඔබ දන්නවා පසුගිය සති දෙක තුන තුළ කරපු ක්‍රියා පටිපාටිය.මෙය ඉතා ප්රශ්නකාරී තැනකට ඇද දානවා යුක්තිගරුක, නීතිගරුක, සදාචාර සම්පන්න, සාධාරණ සමාජයක් වෙනුවෙන් බලාපොරොත්තු තියාගෙන ඉන්න බහුතරයක් ජනතාවගේ අභිලාෂයන්.
පැහැදිළි ප්‍රශ්නයක් තියෙනවා 2015දි පත්කරගත් ජනාධිපතිවරයා ඔහු කාගෙ අභිලාෂයන් වෙනුවෙන්ද වැඩ කරන්නෙ කියන එක ගැන.මෙය ඉතා ප්‍රභල ප්‍රශ්නයක් පුරවැසියන් හැටියට, කලාකරුවන් හැටියට, සිවිල් සමාජය හැටියට එහෙමත් නැතිනම් වඩා යහපත් සමාජයක් කෙරෙහි බලාපොරොත්තු තියා ඉන්න සාමාජිකයින්ට, රට වැසියන්ට .ඔහු අතුල් පහරක් එල්ල කරනවා, මේ යුක්තිගරුක ,නීතිගරුක, සදාචාරසම්පන්න සමාජයක් දේශපාලන සම්ප්රදායක් ගෙන ඒම කෙරෙහි බලාපොරොත්තු තියාගත් සහ ඒ වෙනුවෙන් වැඩ කළ ජනතාවට ඔහු අතුල් පහරක් එල්ල කරනවා.
මම හිතනවා පසුගිය කාලසීමාවේ 2015 සිට මේ දක්වා මේ දේශපාලන නාඩගම තුන්ඈදුතු නාඩගමක ලෙස දකින්න මා කැමතියි.පළමු අංගය කුමන්ත්‍රණය. දෙවැනි අංගය අගමැතිවරයා මාරු කිරීම. තුන්වැනි අංගය පාර්ලිමේන්තුව විසුරුවා හැරීම. මේ තුන්ඈදුතු නාඩගම තවදුරටත් රගදක්වන්නට ඉඩ දිය යුතුද කියන ප්රශ්නය සමාජය ඉදිරිපිට තිබෙනවා.
මම හිතනවා තරයේ තීරණයක් ගතයුතුයි ඉදිරි මැතිවරණ වලදී ජනතාව බලගැන්වීම හරහා මේ නාඩගම නතර කළයුතුයි. ඔබ දන්නවා පසුගිය අවුරුදු තුන තුළ ඒ අතුල් පහර නොනවත්වා එල්ල කරනවා අපි දැක්කා.ජනතාව විසින් ප්රථික්ෂේපකරන ලද දේශපාලනඥයින් නැවතත් පාර්ලිමේන්තුව තුළට කැඳවගෙන එනු ලැබුවා.මේ වගේ ජනතා අභිලාෂයන්ට ඉතා පරිබාහිරව මේ ක්‍රියාන්විතය සිද්ධවුනා. එකේ කූටප්‍රාප්තිය එමෙත් නැතිනම් ඒ්කෙ පුපුරවා යෑම තමයි මේ තුන්ඈදුතු දේශපාලන නාඩගමේ දි පෙනුනෙ.
ඉතින් මා කැමතියි පුරවැසියන්ගෙන් වඩා යහපත් සමාජයක් සඳහා සදාචාරසම්පන්න දේශපාලන සමාජයක් කෙරෙහි විශ්වාසය තාමත් නොබිඳ තියාගෙන ඉන්න සමාජයෙන් මම අහන්න කැමතියි මේ නාඩගම තවදුරත් රගදක්වන්න ඉඩදිය යුතුද?මේ නාඩගමෙන් ප්‍රයෝජන ගන්නෙ කව්ද? මේ නාඩගමට වැයවූ මුදල ගෙවන්නෙ කව්ද?ඉතින් මේ මොහොතේ මම හිතනවා අපි එක්විය යුතුයි. සාධාරණ, සදාචාරසම්පන්න, ප්රජාතන්ත්රවාදී සමාජයක් වෙනුවෙන් කලාකරුවන්ගේ සංසදයක් එහෙමත් නැතිනම් එකතුවක් හැටියට ඉල්ලා සිටින්නට ඔබ සැමගෙන් සිවිල් සමාජයෙන් පුරවැසියන්ගෙන් .
ඒ වගේම ස්තුති කළයුතුයි අධිකරණය දී ඇති තීන්දුවසම්බන්ධයෙන් .අපිට යම් ආකාරයක බලාපොරොත්තුවක් තියාගන්න පුලුවන් තවදුරටත් අධිකරණයේ ස්වාධීනත්වය නොනැසී පවතිනවාය කියන එක ගැන. නමුත් මේ දේවල් සිදුවෙන අනුපිළිවෙල බැලුවහම යම් ආකාරයක අනතුරු ඇගවීමක් අපි ඉදිරිපිට තිබෙන බව සිහිකැඳවාගත යුතුයි.මම හිතන්නේ බ්‍රෙස්ට් කියනවා වගේ පල් හොරු අමනයන් එක්කොට එකට බැඳ- වනසා දැමිය යුතු කාලය එලැඹ ඇත යන කාරණය සිහිතබා ගත යුතුයි.වඩාත් සදාචාරසම්පන්න, යුක්තිගරුක, සාධාරණ, ප්රජාතන්ත්රවාදී සමාජයක් කෙරෙහි බලාපොරොත්තු තියාගෙන ඉන්න හැම කෙනෙක්ම එකතුවිය යුතු මොහොතක් මේක. එසේ එකතුවන්නැයි මා ඉල්ලා සිටිනවා.අපි එසේ එකතුවෙමින් වඩා යහපත්, සදාචාරසම්පන්න සමාජයක් වෙත මේ රට රැගෙන යා යුතුයි."
නදීකගේ කතාව මේ ලින්ක් එකෙන් නැරඹිය හැකියි.