සංගීත් නිපුන් සනත් නන්දසිරි මහතා සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ කුලපති ධුරයට පත් වීම ගැටලුසහගත බව ආචාර්ය දයාරත්න රණතුංග මහතා පවසයි.අදාළ තනතුර සඳහා සනත් නන්දසිරි මහතාට වඩා සුදුස්සන් රටේ සිටින බව ඔහු පෙන්වා දෙයි. එවැනි තනතුරු සඳහා කෙරෙන පත් කිරීම් සම්බන්ධයෙන් පාලනාධිකාරියට ද දැනුමක් නොමැති හෙයින් විශ්වවිද්‍යාල පද්ධතියම බරපතළ අගාධයකට වැටී ඇතැයි ද ඔහු පවසයි.
ඒ සම්බන්ධයෙන් අප කළ විමසීමක දී දයාරත්න රණතුංග මහතා වැඩිදුරටත් මෙසේ සඳහන් කර සිටියේය. “මම මේ කතා කරන්නෙ තව කෙනෙක් ගැන හිතේ වෛරයකින්, ඊර්ෂ්‍යාවකින් නෙවෙයි. මං කතා කරන්නෙ අපේ රටේ සමස්ත ශිෂ්‍ය ප්‍රජාවේ අනාගතය ගැන වේදනාවෙන්. අපේ රටේ පාලකයන්ට ඒ පත්වීම් කරන්න තරම් දැනුමක් නැහැ. ඒකයි කිසිම අන්දමක නුසුදුසු අය විශ්වවිද්‍යාල පද්ධතියේ පාලන අධිකාරියට පත් කරන්නෙ.
විශ්වවිද්‍යාල අධ්‍යාපන පසුබිමකින් පැවත නොඑන ගුරු ශිෂ්‍ය පරම්පරාවෙන් එන කෙනෙකුට මේ රටේ විශ්වවිද්‍යාල පද්ධතියේ පාලනය භාර දීම ගැන ඇත්තටම මට කනගාටුයි. රටේ පාලකයන් වශයෙන් මේ දේ කරන්නෙ කිසිම දෙයක් නිවැරැදිව වටහා ගැනීමෙන් නොවේ. ඒ දේවල් අපේ අවසාන කාලෙදිවත් පෙන්වා දුන්නෙ නැත්නම් ඒක රටේ අනාගත පරපුරට කරන ලොකු අසාධාරණයක්, ලොකු ඛේදවාචකයක්.
නොදන්නා අය ගන්නා තීරණවලින් අපේ රට දවසින් දවස අගාධයට යනවා. ඒක නතර නොකළොත් අනාගත පරපුරම අඳුරට යනවා. අපේ මේ සංගීත විෂය ධාරාව පිළිබඳව ආචාර්ය මහාචාර්යවරු ඉන්නවා. ඒ අයට එම ධුර ලැබෙන ආකාර දෙකක් තියෙනවා. එකක් විශ්වවිද්‍යාල අධ්‍යාපනය තුළින්. අනෙක කරන ලද සේවය වෙනුවෙන් විශ්වවිද්‍යාලයෙන් ගෞරවයක් විදියට පිරිනමන ධුර. ඒ දෙකේ ලොකු වෙනසක් තියෙනවා.
නියමානුකූල විෂයානුබද්ධ දැනුම තියෙන්නෙ විශ්වවිද්‍යාල අධ්‍යාපනය තුළින් ආචාර්ය මහාචාර්ය පදවි ලබා ගත් අය තුළ පමණයි. අනෙකේ ගෞරවය විතරයි. දැනුමක් නෑ. අපේ රටේ දක්ෂ දරුවෝ ඉන්නවා, ආචාර්ය මහාචාර්ය තත්ත්වයට විදෙස් රටවලින් අධ්‍යාපනය ලබා ගෙන ආව. ඒත් ඒ අයගේ අනාගතය අඳුරු වෙනවා. දක්ෂයාට තැන නොදී ප්‍රසිද්ධිය පමණක් මුල් කරගෙන මෙවැනි පදවි තානාන්තර ලබා දීම තුළ ඒ කලකිරීමත් එක්ක අපේ උගත් දරුවෝ රට හැර යනවා. ඒකෙන් සිද්ධ වෙන්නෙ අපේ ගමන අඩපණ වීම පමණයි.”
කෙසේ වුව ද දයාරත්න රණතුංග මහතා පෙන්වා දෙන කරුණු සම්බන්ධයෙන් සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ වත්මන් කුලපති සනත් නන්දසිරි මහතාගෙන් විමසීමක් කිරීමට කිහිප විටක්ම උත්සාහ ගත්ත ද පසුව එය ව්‍යර්ථ විය.
(සත්හඬ -සකු විතානගේ)