පරාක්‍රම නිරිඇල්ල විසින් වසර 1976 දී රචනා කර නිර්මාණය කරණ ලද ‘‘සෙක්කුව’’ නාට්‍යය ඉන්දියාවේ, කර්නාටක ප්‍රාන්තයේ, මයිසූර් නගරයේ පවත්වනු ලබන ‘‘14 වැනි බහුරූපී අන්තර්ජාතික නාට්‍ය උළෙල-2017’’ නියෝජනය කිරීම සඳහා තෝරාගෙන ඇත. මෙම නාට්‍ය උළෙල මෙම ජනවාරි මාසයේ 14 වැනි දින සිට 18 වැනි දින දක්වා පැවැත්වේ. ‘‘සෙක්කුව’’ නාට්‍යය උළෙලේ ආරම්භ වන 14 වැනි දින රංගගත කිරීම සඳහා දින නියම කර ඇත.
පරාක්‍රම නිරිඇල්ලගේ ප්‍රථම නාට්‍ය නිර්මාණය වන ‘‘සෙක්කුව’’ නාට්‍යය, 1976 රාජ්‍ය නාට්‍ය උළෙලේ හොඳම රචනය -පරාක්‍රම නිරිඇල්ල-, හොඳම සංගීතය -සැම්සන් සිල්වා-, හොඳම අංග රචනය, හොඳම ඇඳුම් නිර්මාණය -හීනටිගල පේ‍්‍රමදාස- ඇතු`ඵ විශිෂ්ට රංග කුශලතා සම්මාන 3 ක් -ගාමිණී හෙට්ටිආරච්චි, ලින්ටන් සේමගේ සහ සැනට් දික්කුඹුර- ලබාගන්නා ලදී.
‘‘සෙක්කුවේ’’ තනු නිර්මාණය කරණ ලද්දේ එච්.එ්.පෙරේරා, එඞ්වඞ් ජයකොඩි සහ සැම්සන් සිල්වා විසිනි. ආචාර්ය වෙලබඩගේ විසින් එහි මුල්ම නිෂ්පාදනයේ නැටුම් නිර්මාණය කරණ ලදී. පරාක්‍රම නිරිඇල්ල, එච්.එ්.පෙරේරා, ගාමිණී හෙට්ටිආරච්චි, සැනට් දික්කුඹුර, සරත් අමරවංශ, ලින්ටන් සේමගේ, ජයන්ත ගුණතිලක, අතුල වේරගොඩ, නිමල් චන්ද්‍රසිරි සහ දයා දහනායක ඇතු`ඵ ශිල්පීන් ගාමිණී හත්තොටුවේගම මහතාගේ විවෘත වීදි නාට්‍ය කණ්ඩායමේ සාමාජිකයින්ව සිටි 1976 වසරේදී ආරම්භ කළ ‘‘සෙක්කුව’’ නාට්‍යය අද රඟදක්වනු ලබන්නේ පරාක්‍රම නිරිඇල්ල සහ එච්.එ්.පෙරේරා විසින් ආරම්භ කළ ජනකරළිය නාට්‍ය හා රංගකලායතනයේ ශිල්පීන් විසිනි. 2009 දී මෙම නාට්‍යය ‘‘චෙක්කු’’ නමින් දමිළ භාෂාවෙන්ද නිර්මාණය කරණ ලද අතර එයද ජනකරළිය ශිල්පීන් විසින් රඟදක්වනු ලබයි.
සුමුදු මල්ලවආරච්චි, දෙව්රාන් ශී‍්‍ර ලිවේරා, නිශාන්ත කුලරත්න, අමිල දිනේෂ් කුමාර, රනිසු දෝමික කෝන්ගලගේ, සරත් කුමාර බානගල, රාසයියා ලෝගානන්දන්, පාලිත අබේලාල්, රොනිකා චාමලී, ඉනෝකා ලංකාපුර, සෙල්වරාජ් ලීලාවතී, අජන්තන් ශාන්තකුමාර්, අරෝෂා තරංගනී, රුවිනි දිලන්ති, තිලිණි නිමේෂා, මදීරා උදීෂානි, විමුක්ති කිරිඇල්ල සහ විජිත හෙට්ටිගේ යන ජනකරළිය ශිල්පීන් ‘‘සෙක්කුවේ’’ චරිත නිරූපණයේ යෙදෙති. මෙම නව නිෂ්පාදනයේ නැටුම් නිර්මාණය කරණ ලද්දේ ආචාර්ය ලයනල් බෙන්තරගේ විසිනි. තියාගරාජා ශිවනේසන් මෙහි සංගීතය මෙහෙයවවනු ලබන අතර පාලිත අබේලාල් අංග රචනයෙහි යෙදෙයි. හර්ෂ වික්‍රමතුංග සහ තිවංක රණසිංහ මෙහි බෙරවාදනය කරනු ලබයි. රංගාලෝකය අජන්තන් ශාන්තකුමාර්ගෙනි.