මිෂෙල් ඔබාමාගේ “බිකමින්ග්” ආදායම් වාර්තා තබයි
හිටපු ඇමරිකානු ජනපති බිරිඳ මිෂෙල් ඔබාමාගේ මතකාවර්ජනය “බිකමින්ග්” මේ වසරේ එක්සත් ජනපදය තුළ වැඩිම ආදායම් වාර්තා තැබූ කෘතිය බවට පත්වී තිබේ.
ප්රකාශනයෙන් දින 15 වැනි කෙටි කාලයක් තුළ මෙම ආදායම් වාර්තාවට හිමිකම් කීම විශේෂත්වයකි.
NPD BookScan හි දත්ත අනුව “බිකමින්ග්” කෘතිය ඇමරිකා එක්සත් ජනපදය සහ කැනඩාව තුළ මිලියන දෙකකට අධික ප්‍රමාණයක් විකිණී ඇත.
එසේම ඔස්ට්‍රේලියාව, එක්සත් රාජධානිය, ප්‍රංශය, ජර්මනිය, කොරියාව සහ දකුණු අප්‍රිකාව යන රටවල ද මෙම ග්‍රන්ථය ආදායම් වාර්තා තබා ඇතැයි එහි ප්‍රකාශන ආයතනය පෙන්ගුයින් රැන්ඩම් හවුස් පවසයි.
54 හැවිරිදි මිෂෙල් ඔබාමාගේ පෞද්ගලික ජීවිතයේ සිදුවීම් අළලා මෙම කෘතිය රචනා වී තිබේ.