ඇජෙන්ඩා 14 කෙටි චිත්‍රපට උළෙල කොළඹදී
අට වැනි වරටත් සංවිධාන කෙරෙන ඇජෙන්ඩා 14 කෙටි චිත්‍රපට උළෙල කොළඹ ජර්මානු සංස්කෘතික මධ්‍යස්ථානයේ දී දින 4 ක් පුරා පැවැත්වීමට නියමිතය.
දෙසැම්බර් 7 වැනිදා ආරම්භ කෙරෙන මෙම උළෙල 10 වැනිදා තෙක් පස්වරු 3.30 සිට රාත්‍රී 8 දක්වා පැවැත්වේ.
දක්ෂතා දැක්වූ මෙරට කෙටි චිත්‍රපට නිර්මාණකරුවන් සඳහා මෙහිදී සම්මාන පිරිනැමෙන අතර හොඳම කෙටි චිත්‍රපටය, ජූරියේ සම්මානය, මතු බලාපොරොත්තු තැබිය හැකි නිර්මාණකරුවා(වයස අවුරුදු 24 අඩු), මානව හිමිකම් සම්මානය, හොඳම සජීවිකරණ සිනමාපටය සහ පරිසරය සම්බන්ධයෙන් නිර්මාණය වූ හොඳම කෙටි චිත්‍රපටයට හිමි ග්‍රීන් සම්මානය ඒ අනුව උළලේදී පිරිනැමෙනු ඇත.
උළලේ පෙළගැස්ම මෙසේ වේ,
දෙසැම්බර් 7 වැනිදා - 2018 BAFTA සම්මාන උළෙලේ කෙටි සහ සජීවිකරණ චිත්‍රපට ප්‍රදර්ශනය කිරීම.
දෙසැම්බර් 8 වැනිදා - ආචාර්ය විසාකේස චන්ද්‍රසේකරම් මෙහෙයවන සිනමා වැඩමුළුව.
දෙසැම්බර් 9 වැනිදා - 6 වැනි වරට සංවිධාන කෙරෙන “Pitching Session”
ඇජෙන්ඩා 14 සමඟ කෙටි චිත්‍රපටයක් නිර්මාණය කිරීමට කැමැත්තක් දක්වන ඔබට උළෙල පැවැත්වෙන ස්ථානයේදී එම වැඩසටහන සඳහා ලියාපදිංචි විය හැකිය.
දෙසැම්බර් 10 වැනිදා - ඇජෙන්ඩා 14 සම්මාන උළෙල