දිනේෂ් සුබසිංහ සංගීතයේ නවමු වෙනසක් සොයා යන සංගීත යාත්‍රිකයා. ජාතික රූපවාහිනියේ ටෝන්ස් පොයම් තුළිින් මෙන්ම විවිධ අවස්ථාවලදී සංගීතය හරහා ඔහු නවමු රසයක් සංගීත රසිකයින්ට ගෙනා ආ තරුණයෙක්. එය උඩුගම් බලා පිහිණීමක් .
දිනේෂ් පසුගියදා දකුණු ආසියානු තරුණ සම්මේලනය උළෙලෙන් යළිත් වතාවක් ඇගයිමට ලක්වුනා. ඒ ඔහු සංගීතය තුළ වෙනස් මානයක් සොයා යන තරුණයෙකු වන නිසා.
එමෙන්ම දිනේෂ් තරුණයෙකු ලෙස සමාජයට දක්වන මානව දයාවද විශේෂයි. ඔහු සමාජය තුළ කැපීපෙනෙන්නේ ඔහුගේ සංගීතය සහ ඔහුගේ සමාජ ක්‍රියාකාරකම් නිසයි. ඔහුගේ ජීවිත දර්ශණය ඔහු සමාජයේ තවත් අයට වෙනස් වෙන්න මග පෙන්වනවා.
මිරර් ආර්ට්ස් දිනේෂ්ට කතාකලා.
"මේක ඇගයීම් සම්මානයක්. පසුගිය 28 29 30 යන දින වල කොළඹ ගලධාරී හෝටලයේයි පැවතුනේ මෙම තරුණ සමුළු උළෙල. මේ සඳහා
400කට නොවැඩි පිරිසක් රටවල් 35කින් පමණ පැමිණ සිටියා. ඒ වගේම දකුණු ආසියානු කලාපයේ සියලුම තරුණ කටයුතු අමාත්‍යවරු වගේම ඉහළ නිළධාරීන් ද මේ අවස්ථාවට පැමිණියා.
ලංකාවෙන් මටත් මිෂෙල් දිල්හාරාටත් තමයි මෙම ඇගයීම් සම්මාන ලැබුනෙ. ඇතත්ටම මිෂෙලුත් හරි අපූරු දේවල් අත්හදාබලමින් සමාජයට වැඩක් කරන කෙනෙක්.දිනේෂ් තමන් ගැන කතා නොකර දිල්හාරා ගැන කිව්වා. එයා දවසක් එයාගෙ උපන්දිනේට කැම්පේන් එකක් කරලා දුප්පත් අයට හාල්කිලෝ දාහක් විතර බෙදලා දුන්නා. එයත් තරුණ රංගන ශිල්පිණියක් ලෙස බොහෝ වෙනස් දේවල් කරන. ඉතින් එයාවත් මෙම සම්මාන උළෙලෙහිදී ඇගයීමට ලක්වුනා".
දිනේෂ් වඩාත් ජනප්‍රියත්වයට පත්වුනේ සංගීත අධ්යක්ෂවරයෙක ලෙස හෝ ගාන පොකුණ චිත්‍රපටයේ සංගීත නිර්මාණ කටයුතුවලින්. ඒ වගේම දිනේෂ් ඉන්දියාවේ ඒ.ආර්. රෙහෙමාන් ගෙන් සංගීත ආභාෂය ලැබීමට අවස්තාව ලැබීම ගැනත් බොහෝ අය කතා කළා.දිනේස්ගේ නිර්මාණ සඳහා මෙරටදී සම්මාන කිහිපයක්ම ලැබුනා.
දිනේෂ් මේ දිනවල අලුත් චිත්‍රපටි කිහිපයකම සංගීත නිර්මාණ කටයුතු වල නියැලෙන බව පැවසුවා. ඒ වගේම බෙනට් රත්නායකගෙ සහ සුනිල් කොස්තගේ ටෙලි නාට්‍ය දෙකක සංගීත නිර්මාණ කටයුතුත් පැවරිලා තියෙනවා.
"මට පහුගිය අවුරුද්දේ ටෝන් පොයම් නිසා වෙනත් සංගීත කටයුතු වලට දායක වෙන්න කාලය හොයාගන්න අසීරුවුනා.ටෝන් පොයම් තව වැඩ සටහන් දෙකක් වගේ තමයි ඉතිරි වෙලා තියෙන්නේ. ඊට පස්සේ මම මගේ සුපුරුදු නිර්මාණ කාර්්‍යය වෙත අවතීර්ණ වෙනවා".
දිනේෂ්ගෙ නිර්මාණ කටයුතු වෙනුවෙන් මිරර් ආර්ට්ස් සුබ පතනවා