අහිංසකයන්ගේ ගීතය නේපාල අන්තර්ජාතික සිනමා උළෙලට
තරුණ නිර්මාණකරුවෙක් වන ධනංජය බණ්ඩාරගේ “අහිංසකයන්ගේ ගීතය” (Song of the innocent) කෙටි චිත්‍රපටය නේපාල අන්තර්ජාතික සිනමා උළෙලට තේරී පත්වී තිබේ.
දෙවැනි වරට සංවිධාන කරන මෙම උළෙල එළඹෙන වසරේ පෙබරවාරි 21 වැනිදා සිට 25 වැනිදා දක්වා නේපාලයේ කත්මණ්ඩු නුවරදී පැවැත්වීමට නියමිතය.
අන්තර්ජාතික මෙන්ම නේපාල සිනමාකරුවන් ද සිනමා උළලේදී ඇගයීමට ලක්වන අතර අන්තර්ජාතික තරග කාණ්ඩය යටතේ සම්මාන ත්‍රිත්වයක් එනම් හොඳම වෘතාන්ත සිනමාපටය, හොඳම කෙටි චිත්‍රපටය සහ ජූරියේ විශේෂ සම්මානය සඳහා රටවල් 32 නියෝජනය කරමින් සිනමාපට 57 ක් එහිදී තරග වදිනු ඇත.
“අහිංසකයන්ගේ ගීතය” යාපනය අන්තර්ජාතික චිත්‍රපට උළලේ හොඳම කෙටි චිත්‍රපටය ලෙස සිලෝන් තියටර්ස් සම්මානය, දෙරණ සන්සිල්ක් චිත්‍රපට උළලේ හොඳම කෙටි චිත්‍රපටය, කොයින්ස් අන්තර්ජාතික චිත්‍රපට උළලේ ශිෂ්‍ය හොඳම කෙටි චිත්‍රපටය ලෙස ද සම්මාන හිමිකරගෙන තිබේ.