ඉන්දීය සිනමාවේ ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පියෙකු වන ඕම් පූරිගේ මරණය ඝාතනයක් බවට සැකමතුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
ඒ ඔහුගේ මරණ පරීක්ෂණයෙදී හෙළිවූ විශේෂ කරුණු කිහිපයක් හේතුවෙන්.
එම පරීක්ෂණයේදී හෙළිවී ඇත්තේ ඔහුගේ හිසේ වම් පසට වන්නට තුවාලයක් ඇති බවටයි.
සිරුර ඇඳේ තිබියදී ඔහුගේ හිසට තුවාල සිදුවීම හේතුවෙන් මෙම මරණය සැක සහිත බවයි මරණ පරීක්ෂණයට අනුව පොලිසිය සඳහන් කර ඇත්තේ.
කෙසේ වෙතත් ඒ අනුව සිදුකළ විමර්ශන වලට අනුව මේ වනවිට ඔහුගේ පෞද්ගලික ලේකම් ඇතුළු කිහිපදෙනෙකු මුල්කරගනිමින් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
පසුගියදා වාර්තාවූයේ ඕම් පූරි නින්දේදී ඇතිවූ හෘදයාබාධයක් හේතුවෙන් මියගොස් සිටි බවයි.