නදී සහ ශාරදා ඕස්ට්‍රේලියානු වේදිකා නාට්‍යයක
සම්මානිත රංගන ශිල්පිනි නදී කම්මැල්ලවීර සහ රංගන ශිල්පිනි නිපුනි ශාරදා රංගන දායකත්වය සපයන Counting And Cracking (ගණන් නොගන්නේ නම් ගණන් කරන්න) වේදිකා නාට්‍යයය එළඹෙන ජනවාරි මස ඕස්ට්‍රේලියාවේ සිඩ්නි ටවුන්හෝල් හි වේදිකා ගත කිරීමට නියමිත ය.
එස්. ශක්තිධරන්ගේ තිර රචනයකට අනුව ඒමන් ෆ්ලැක් අධ්‍යක්ෂණය කරන මෙම වේදිකා නිර්මාණය ජනවාරි 11 වැනිදා සිට පෙබරවාරි 2 වැනිදා දක්වා වේදිකා ගත කෙරේ.
රටවල් 6 ක රංගන ශිල්පින් ශිල්පිනියන් 16 දෙනෙක් චරිත 50 කට පණ පොවන මෙම වේදිකා නාට්‍යය කොළඹ සිට පෙන්ඩල් හිල් දක්වා පරම්පරා හතරක් ඔස්සේ දිග හැරෙන එක් ශ්‍රී ලාංකික-ඕස්ට්‍රේලියානු පවුලක කතාන්දරය වේදිකාව මත ගෙන හැර පායි.