“මර්දානි” ආයෙත් එයි ද?
මින් සිව් වසරකට ඉහත දී ප්‍රදීප් සර්කාර් අධ්‍යක්ෂණය කළ “මර්දානි” බොලිවුඩ් සිනමාපටය ආදායම් වාර්තා තැබීමට සමත් වුණා.
ළමා ජාවාරමක සුලමුල සොයායන පොලිස් නිලධාරිනියක් වටා ගෙතුණු මෙම කතාවේ ප්‍රධාන චරිතයට පණ පෙවුයේ රාණි මුකර්ජි.
මෙහි නිෂ්පාදනය කරනු ලැබුවේ ඇයගේ සැමියා ආදිත්‍ය චොප්රා සතු යෂ්රාජ් නිෂ්පාදන සමාගම විසිනි.
කෙසේ වෙතත් මර්දානි චිත්‍රපටයේ දෙවැන්න ද නිර්මාණය කිරීමට සුදානමක් පවතින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
පළමු සිනමාපටයේ තිර රචනය කළ ගෝපි පුත්රන් දෙවැනි චිත්‍රපටය අධ්‍යක්ෂණය කිරීමට නියමිත බවයි ඒ අනුව වාර්තා වන්නේ.
මේ සම්බන්ධයෙන් අදහස් පළ කළ රාණි මුකර්ජි, නැවතත් ෂිවානි ශිවාජි රෝයි චරිතයට පණ පෙවීමට තමන් ඉතා කැමැත්තෙන් සිටින බව සඳහන් කර තිබෙනවා.