තායිලන්තයෙ ලෙනක සිරවී සිටි ළමා පාපන්දු ක්රීඩකයින් 12 දෙනා ඇතුළුව ඔවුන්ගේ පුහුණුකරු මුදවා ගැනීමේ මෙහෙයුම්
සිනමාපටයක් සේ සිදු වූ බව ඔබට මතක ඇති. පරාර්ථකාමී ස්වේච්ඡා සේවකයින් ඇතුළු විශාල පිරිසක් එකට එක්ව සිදු කළ අති දුෂ්කර වූ මෙහෙයුම් මෙම කණ්ඩායමේ දිවි රැක දීමට හේතු වුණි.
මෙම ගලවාගැනීමේ මෙහෙයුම අළලා චිත්රපට කිහිපයක්ම නිර්මාණය කිරීමට නියමිත බව පැවසෙන පුවත් ඒ දිනවලදී කරළියට පැමිණි නමුත් වැඩ අවසන් කිරීමට සුදානම් පළමු චිත්රපටය බවට පත්වන්නේ තායි-අයර්ලන්ත ජාතික අධ්යක්ෂ ටොම් වොලර්ගේ “The Cave” ය.
මුදවා ගැනීමේ සටනට එක් වූ කිමිදුම්කරුවන් කිහිපදෙනෙක් ද මෙම සිනමාපටයට රංගන දායකත්වය සපයා ඇතැයි වාර්තා වේ.
“The Cave” චිත්රපටයේ රූපගත කිරීම් විශාල ප්රමාණයක් තායිලන්තයේම සිදු කර ඇති අතර අයර්ලන්තය, වේල්සය, චීනය, ජපානය සහ හවායි හිදී ද සමහර රූපගත කිරීම් සිදු කර ඇති බව පැවසේ.
මුදවා ගැනීමේ මෙහෙයුමෙන් වසරකට පසු එනම් 2019 ජූලි මසදී මෙම සිනමා කෘතිය එළිදැක්වීමට නියමිත ය.
https://mirrorarts.lk/news/4538-thai-cave-rescue-first-movie#sigProId16ab98d628