ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලයට නව ගොඩනැගිලි පරිශ්‍රයක් ලබාදීම වෙනුවෙන් පසුගියදා මුල්ගල් තැබීම සිදුකල අතර ඒ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ හා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙනි.
කොළඹ 07 බෞද්ධාලෝක මාවතේ ඉදිකිරීමට කටයුතු යොදා ඇති මෙම ගොඩනැගිල්ල මුල්ගල් තැබීමේ අවස්ථාවට ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලයේ සභාපති සමන් අතාවුදහෙට්ටි මහතා ඇතුළු කලාකරුවන් පිරිසක් එක්වූහ.