ආයෙත් කියන්නේ සම්මානය මට එපා- ඩබ් ජයසිරි
2018 රාජ්‍ය කලාභූෂණ සම්මාන උළෙලට නැවත වරක් ආරාධනා ලැබී ඇති නමුත් යළිත් තමන් එය ප්‍රතික්ෂේප කරන බව ප්‍රවීන රංගනවේදී ඩබ්ලිව් ජයසිරි පවසයි.
ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් ඔහු මේ බව ප්‍රකාශ කර ඇත.
“කල්දැමූ කලාභූෂණ රාජ්‍ය සම්මාන උළෙල නැවත 29 දා පැවැත්වෙන බැවින් එදාට පැමිණෙන ලෙස යලි ආරාධනා කර ඇත. මුලින්ම කිවූ ලෙසට පැමිණීම හා සම්මානය ප්‍රතික්ෂේප කරමි.”
පසුගිය දෙසැම්බර් මසදී කලාභූෂණ සම්මාන උළෙල පැවැත්වීමට නියමිතව තිබූ නමුත් නොවැළක්විය හැකි හේතුවක් නිසා උත්සවය කල් දැමුණි.
සම්මානලාභියකු ලෙස රංගනවේදී ඩබ්ලිව් ජයසිරිට ද ඒ සඳහා ආරාධනා කර තිබුණු අතර “රටේ අනාගතය සමඟ සූදු කෙලින ජනපතිවරයෙක්ගේ අතින් සම්මානය ලබා ගැනීම හා එම උත්සවයට සහභාගී වීම මම දැඩි පිළිකුලින් ප්‍රතික්ෂේප කරන,” වග ඔහු එහිදී පවසා තිබුණි.