නාසි නායක ඇඩොල්ෆ් හිට්ලර් විසින් අඳින ලද බවට පැවසෙන සිතුවම් පහක් ජර්මනියේ පැවති වෙන්දේසියක දී අලෙවි කිරීමට අපොහොසත් වී තිබේ.
විඩ්ලර් වෙන්දේසි නිවස මෙම දියසායම් සිතුවම් සඳහා යුරෝ 45,000 ක ආරම්භක මිලක් නියම කර තිබුණි.
ව්‍යාජ කලා කෘති යන චෝදනා එල්ල වීම වෙන්දේසිය ඵල රහිත වීමට හේතු වී ඇත.
ඒකාධිපති පාලකයා පාවිච්චියට ගත් යැයි පැවසෙන ස්වස්තික ලකුණ සහිත වේවැල් පුටුවක් සහ මල් බඳුනක් ද අලෙවියට තබා තිබූ අනෙකුත් භාණ්ඩ අතර විය.
එසේම විඩ්ලර් වෙන්දේසි නිවසේ විකිණීම පිණිස සුදානම් කළ කලා කෘති ඇතුළු කලා කෘති විශාල ප්‍රමාණයක් පසුගිය සතියේ දී ජර්මන් පොලිසිය සිය භාරයට ගෙන තිබුණි. “AH” හෝ A Hitler” යන අත්සන් සහිත භාණ්ඩ 63 ක් ව්‍යාජ යන චෝදනාව මත රාජසන්තක කළ බව අයිතිකරු ප්‍රකාශ කර ඇත.
මේ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කෙරෙන බව නියුරෙම්බර්ග් පොලිසිය මාධ්‍ය වෙත පවසා තිබේ.