Bafta සිනමා සම්මාන උළලේ හොඳම නළුවාට හිමි කිරුළත් රමී මලික් අතට
2019 බ්‍රිතාන්‍ය ඇකඩමි සිනමා සම්මාන උළලේ (Bafta) විශිෂ්ටතම සිනමාපටය ලෙස Roma ඊයේ (10) දින සම්මානයට පාත්‍ර විය.
ඒ BlackkKlansman, The Favourite, Green Book සහ A Star Is Born සිනමාපට පරදවමිනි.
Bohemian Rhapsody සිනමාපටයේ රංගනය උදෙසා රමී මලික් එහිදී විශිෂ්ටතම රංගන ශිල්පියාට හිමි සම්මානය දිනා ගත් අතර ඔහුගේ එම රංගනය උදෙසා මින්පෙර 76 වැනි ගෝල්ඩන් ග්ලෝබ් සිනමා සම්මාන උළලේ දී සහ ස්ක්‍රීන් ඇක්ටර්ස් ගිල්ඩ් සම්මාන උළෙලේ (SAG) දී හොඳම රංගන ශිල්පියා ලෙස සම්මානයට පාත්‍ර වීම විශේෂත්වය කි. එසේම එළඹෙන පෙබරවාරි 24 පැවැත්වීමට නියමිත ඇකඩමි සම්මාන උළලේ හොඳම රංගන ශිල්පි නිර්දේශ අතරට ද ඔහු පැමිණ තිබේ.
72 වැනි වරට සංවිධාන කළ Bafta සිනමා සම්මාන උළෙල ඊයේ ලන්ඩනයේ දී සාර්ථකව පැවැත්වුණි.
එහිදී සම්මාන දිනාගත් අනෙකුත් සිනමා කෘති මෙසේ ය,
විශිෂ්ටතම බ්‍රිතාන්‍ය සිනමාපටය - The Favourite
හොඳම රංගන ශිල්පිනිය - ඔලිවියා කොල්මන් (The Favourite)
හොඳම සහාය රංගන ශිල්පියා - මහෙර්ෂලා අලි (Green Book)
හොඳම සහාය රංගන ශිල්පිනිය - රේචල් වේස් (The Favourite)
හොඳම අධ්‍යක්ෂණය - අල්ෆොන්සෝ කුඑරෝන් (Roma)
නැඟී එන තරුව(ප්‍රේක්ෂක ඡන්දයෙන්) - ලෙටිශියා රිට්
බ්‍රිතාන්‍ය තිර රචකයෙක්, අධ්යක්ෂවරයෙක් හෝ නිෂ්පාදකවරයෙක්ගේ විශිෂ්ටතම කුළුඳුල් සිනමාපටය - Beast මයිකල් පියර්ස් (තිරරචනය සහ අධ්‍යක්ෂණය) ලෝරන් ඩාක් (නිෂ්පාදනය)
ඉංග්‍රීසි භාෂිත නොවන සිනමාපටය - Roma
හොඳම වාර්තාමය සිනමාපටය - Free Solo
හොඳම ඇනිමේෂන් සිනමාපටය - Spider- Man: Into The Spider-Verse
හොඳම තිරපිටපත - The Favourite
හොඳම අනුවර්තිත තිරපිටපත - BlacKkKlansman
හොඳම සංගීතය - A Star is Born
හොඳම කැමරා අධ්‍යක්ෂණය - Roma
හොඳම ඇඳුම් නිර්මාණය - The Favourite
හොඳම සංස්කරණය - Vice
හොඳම වේශ නිර්මාණ - The Favourite
සබැඳි පුවත් :
Bafta සිනමා සම්මාන සඳහා නිර්දේශ ලැබූ නිර්මාණ