නොත්රදාම් දේවස්ථානයේ මහා ගින්නේ විනාශය ගැන නොන්නවත්වා ඉහළින් කතා කෙරෙන මේ මොහොතේ එහි සැබෑ වටිනාකම ගැන කියවෙන පුංචි සටහනක් ලියන්නට සිතුණි. මේ සිද්ධිය සිදු වූයේ 2005 වසරේදීය.
අපි වැඩි දෙනෙක් දන්නා ජනප්රිය ඇමරිකානු ලේඛක Dan Brown ගේ Da Vinci Code කෘතිය හොලිවුඩ්පුරයේ තවත් ප්රබල අධ්යක්ෂක වරයෙකු වන Ron Howard අතින් සිනමාවට නැගෙද්දී එහි රූපගත කිරීම් බොහොමයක් පැරිස් නගරයේ දී සිදු කරන්නට ( කතාවේ හැටියට) නියමිතව තිබුණි. බ්රයන් ගෙසර් විසින් නිෂ්පාදනය කළ මේ සිනමාපටය සඳහා ඩොලර් මිලියන 125 ක මුදලක් වෙන් කර තිබුණි. එය දැවැන්ත නිෂ්පාදනයකි. ඇමරිකන් කාරයෝ යනු සියල්ල සල්ලි වලට ගන්නට හැකි යැයි සිතන , ලෝකෙට ලොක්කෝ තමන් යැයි සිතන පිරිසකි. ( එය වරදක් දැයි නොදනිමි) ඔවුන්ගේ හුදු අරමුණ වන්නට ඇත්තේ හිතේ හැටියට සල්ලි වියදම් කර රූගත කිරීම සිදු කර ගැනීමයි.
මේ රූපගත කිරීම් වලදී විනාඩි දෙකක දර්ශනයක් නොත්රදාම් දේවස්ථානය ඇතුලතදී රූ ගත කරන්නට නියමිතව තිබුණි. ගෙවුණු කාලයේ ජංගම දුරකථන වලින් පින්තුර ගැනීමට අවසර තිබුණත් දේවස්ථානය ඇතුළත වෙනත් ආකාරයේ ඡායාරුප ගැනීමක් කිරීම දඩුවම් ලැබිය හැකි වරදකි. මේ විනාඩි දෙකේ දර්ශනය පැයක කාලයකින් රූ ගත කල හැකි බවත් තමන්ට උවමනා වන්නේ පැය දෙකක කාලයක් පල්ලිය මහජන ප්රදර්ශනයෙන් තොර කිරීම පමණක් බවත් නොත්රදාම් හි බලධාරීන් හමුවුණු නිෂ්පාදකවරයා කියා සිටියේය. ඒ පැය දෙකක කාලයක් වෙනුවෙන් තමන් ඩොලර් මිලියන 03 ක් ගෙවන්නට සුදානම් බව ඔහු කිවේය. බලධාරීන් තරමක් අපහසුවට ලක් වූ බව කිව යුතු නොවේ. මිලියන තුනක් යනු බරපතල මුදලකි. තීරණයක් ගැනීම අපහසු හෙයින් ඔවුහු එවකට පැරිස් නගරාධිපති වරයා වූ Bertrand Delanoeඇමතුවේය. නගරාධිපති වරයා දෙවරක් හිතා බැලුවේ නැත. සියල්ල මිලදී ගත හැකිය. එහෙත් නොත්රදාම් දේවස්ථානය මිලදී ගත නොහැකිය....ඔහු ගේ අවසන් තීරණයයි. අවසර ලැබුණේ නැත.
ඊයේ ගිනිගෙන විනාශ වූයේ ඒ මිලකළ නොහැකි වස්තුවයි.
මංජුල සේනාරත්න
https://casite-737679.cloudaccess.net/news/5102-notre-dame-190417?hitcount=0#sigProId1a0824f879