පසුගිය 17 වැනිදා හිල්ටන් හෝටල් පරිශ්‍රයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැතිHE FORUM හි සංවාද සභාවේදී මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර නොසන්සුන් වූ බව ඔහුගේ අදහස් දැක්වීමේදී ප්‍රකාශ විය.
ඒ මහතා එසේ අපහසුතාවකට පත් වූයේ HE FORUM සංවාද සභාවේ කලාව සම්බන්ධයෙන් පළ වූ අදහස් දැක්වීම් නිසා බව ද ප්‍රකාශ විය.
ඒ වනවිට HE FORUM හි කලාකරුවා සහ කලාව සම්බන්ධයෙන් අදහස් දක්වා තිබුණේ ප්‍රවීණ රංගන ශිල්පී සනත් ගුණතිලක මහතා වන අතර ඔහු පැවසුවේ වත්මන් ආණ්ඩුවෙන් කලාවට ලැඛෙන්නේ අවම සැළකිල්ලක් බවය.
කලාව සම්බන්ධයෙන් HE FORUM හිදී පළවූ අදහස් එලෙස ලඝු කළ නොහැකි බව තේනුවර මහතාගේ අදහස වූ අතර කලාකරුවන්ට සැමදාමත් ප්‍රශ්න තිබුණු බවත් සැපවත් ජීවිත ගතකළ කලාකරුවන් තමන්ගේ ජීවිතකාලය තුළ අත්දැක නැති බවත් පැවසීය.
කලාකරුවා රාජ්‍යයකින් යැපෙන්නට අනවශ්‍ය බව තමා තරයේ විශ්වාස කරන බව පැවසූ තේනුවර මහතා කලාව සම්බන්ධයෙන් යටිතල පහසුකම් සංවර්ධනය නොකළ යුතු බව ඉන් අදහස් නොවන බව ද පැවසීය.
මේ රටේ කලාව වෙනුවෙන් සිදු කරනා හොඳම මෙහෙය වන්නේ සංස්කෘතික කටයුතු අමාත්‍යංශය ඉවත් කිරීම බවත් කලාව වෙනුවෙන් යමක් කිරීම යනු රතු පළස් මතින් ගෙන්වා සම්මාන පිදීම නොවන බවත් එම සංස්කෘතිය වෙනස් කළ යුතු බවත් චන්ද්‍රගුප්ත තේනුවර මහතා පැවසීය.
සබැඳි පුවත්