චිත්‍රපට ප්‍රදර්ශනයට සහන කාලයක්
පසුගිය පාස්කු ඉරුදින මෙරටට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර නිසා සමස්ත රටේම ක්‍රියාකාරිත්වය අඩපණ වුණා. එය සංචාරක, ව්‍යාපාරික, කලා ඇතුළු විවිධ ක්ෂේත්‍ර ගණනාවකට ද බලපෑම් එල්ල කළා.
මෙම තත්වය මත සිනමා ප්‍රදර්ශනය ද අනතුරුදායක වූ බැවින් ආරක්ෂක හේතුන් මත තදාසන්න ප්‍රදේශවල පිහිටි සිනමාශාලා ඇතුළු බොහොමයක් සිනමාශාලා සිය දර්ශන වාර නොපැවැත්වීමට තීරණය කර තිබුණා.
මේ හේතුවෙන් සිනමා ක්ෂේත්රය තුළ ද යම් අර්බුදකාරී තත්වයක් හටගත්තා. ඒ සම්බන්ධයෙන් ජාතික චිත්‍රපට සංස්ථා සභාපතිනි අනුෂා ගෝකුල සරසවිය පුවත්පතට මෙසේ අදහස් දක්වා තිබුණි.
“චිත්‍රපට ශාලා වහන්න තීරණය කරලා නැති වුණත් සමහර චිත්‍රපට ශාලා පෞද්ගලික කැමැත්ත මත වසා දමා තිබෙනවා. දැනට විවෘතව පවතින සියලුම ශාලා සඳහා අප ආරක්ෂාව තර කරලා තියෙන්නේ. නරඹන්නන්ගේ විශාල අඩුවක් දක්නට ලැබෙනවා. මේ වගේ වෙලාවක ඒක සාමාන්‍ය තත්ත්වයක්නෙ. නමුත් චිත්‍රපට ශාලාවලට එන පිරිසට අනවශ්‍ය බෑග් ගෙන එන්නට එපා කියලා ඉල්ලීමක් කරනවා. ඒ වගේම ව්‍යසනයට දින කිහිපයකට පෙර රිලීස් වූ චිත්‍රපට සඳහා යම් සහන කාලයක් ලබා දිය යුතුයි කියලා මට හැඟෙනවා. අප එම චිත්‍රපට තිරගත වන මණ්ඩල එක්ක කතා කරලා ඒ ගැන කියන්නයි බලාපොරොත්තු වන්නේ. මිනිසුන්ගේ මානසික මට්ටම යථා තත්ත්වයට පත් වෙන්න ටික කාලයක් යාවි.”