“වයිල්ඩ් බෝ” ගැන Netflix ටෙලි මාලාවක් හදයි
උතුරු තායිලන්තයේ ගුහාවක සිරවූ කනිෂ්ඨ පාපන්දු කණ්ඩායම සහ ඔවුන්ගේ පුහුණුකරු මුදවා ගැනීමේ මෙහෙයුම අළලා කෙටි ටෙලි මාලාවක් නිර්මාණය කිරීමට නෙට්ෆ්ලික්ස් නිෂ්පාදන ආයතනය ගිවිසුම් අත්සන් තබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
වයිල්ඩ් බෝ නම් මෙම පාපන්දු කණ්ඩායම 2018 වසර මැද දී ජලයෙන් යටවූ ගුහාවක සිර වූ අතර ඔවුන් මුදවා ගැනීමේ මෙහෙයුම් සම්බන්ධයෙන් ලොව පුරා අවධානය යොමු විය. සති දෙකකට වැඩි කාලයක් ගෙන ගිය ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහා පළපුරුදු කිමිදුම්කරුවන් 90 දෙනකු සම්බන්ධ වුණි.
නෙට්ෆ්ලික්ස් ආයතනය නිර්මාණය කරන කෙටි ටෙලි මාලාව Crazy Rich Asians සිනමාපටය අධ්‍යක්ෂණය කළ ජෝන් M. චූ සහ තායි අධ්යක්ෂ නට්ටවුට් පූන්පිරිය විසින් අධ්‍යක්ෂණය කරන බව පැවසේ.
එසේම තව අට මසකින් මෙය ප්‍රේක්ෂකයින් හට නැරඹීමේ අවස්ථාව උදා වන බව නෙට්ෆ්ලික්ස් ආයතනය පවසයි.