“දකුණු අප්‍රිකාවේ දී එල්ල වූ ප්‍රහාරයට එරෙහිව නීතිමය පියවර ගන්නේ නැහැ” ආනොල්ඩ් කියයි
දකුණු අප්‍රිකාවේ වැඩසටහනකට සහභාගී වී සිටින අතරතුරදී තමන්ට එල්ල වූ ප්‍රහාරයට එරෙහිව කිසිදු නීතිමය පියවරක් නොගන්නා බව ප්‍රකට හොලිවුඩ් රංගන ශිල්පී ආනොල්ඩ් ශ්වාසිනේගර් පවසයි.
පසුගිය 18 සෙනසුරාදා “ආනොල්ඩ් ක්ලැසික් අප්‍රිකා” නම් ක්‍රීඩා වැඩසටහනට එක් වූ මේ 71 හැවිරිදි රංගන ශිල්පියා සිය රසික රසිකාවියන් සමඟ කතා බහ කරමින් සිටිය දී පසුපසින් පැමිණි පුද්ගලයෙක් ඔහුට පා පහරක් එල්ල කර තිබේ.
පා පහර එල්ල වීමෙන් පසු ආනොල්ඩ් ඉදිරියට විසිවන අතර බිමට ඇද වැටුණු ප්‍රහාරකයා වහාම මෙල්ල කරගැනීමට ඔහුගේ ආරක්ෂක අංශ නිළධාරීන් සමත්ව තිබුණි.
ප්‍රහාරය එල්ල කළ පුද්ගලයා පසුව පොලිසිය වෙත භාර දුන් බව වැඩසටහන් සංවිධායකයින් ප්‍රකාශ කර ඇත.
මෙම සිදුවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් සිය ට්විටර් ගිණුමෙහි සටහනක් තැබූ ආනොල්ඩ් “මම හිතුවේ ඒක සෙනග තල්ලු වීම නිසා වුණ දෙයක් කියලා, එය සාමාන්‍යයෙන් වෙන දෙයක්නෙ. ඔයාලා හැමෝම වගේම වීඩියෝව දැක්කට පස්සේ තමයි මාත් දන්නේ මට පහරක් එල්ල වුණා කියලා,” යනුවෙන් පැවසුවේ ය.
රසික පණිවිඩවලට ප්‍රතිචාර දක්වමින් වැඩිදුරටත් ඔහු සඳහන් කර තිබුණේ මෙම සිදුවීම සම්බන්ධයෙන් කිසිදු නීති පියවරක් නොගන්නා බවයි.