යුක්රේන ජනපති ලෙස ප්රහසන නළුවා දිව්රුම් දෙන්න සුදානම්
යුක්රේන ප්රහසන රංගන ශිල්පී වොලොඩිමීර් සෙලෙන්ස්කි එරට ජනාධිපතිවරයා ලෙස නිළ වශයෙන් දිව්රුම් දීමට නියමිත යි.
එම උත්සවය අද (20) කීව් අගනුවර දී පැවැත්වේ.
දේශපාලන නවකයකු වන සෙලෙන්ස්කි පසුගිය මස දී පැවැත්වුණු යුක්රේන ජනපතිවරණයෙන් 70%කට වැඩි ඡන්ද ප්රතිශතයක් ලබා ගනිමින් අති විශිෂ්ට ජයක් අත් කරගත්තේ ය. ඒ 2014 වසරේ සිට බලයේ සිටි පෙට්රෝ පොරොශෙන්කෝ බලයෙන් පහ කරමිනි.
දුෂණය මැඩ පැවැත්වීමටත් රුසියාවේ පිටුබලය ලත් කැරලිකරුවන් සමඟ නැගෙනහිර ප්රදේශයේ ගෙන යන යුද්ධය අවසන් කිරීමටත් සෙලෙන්ස්කි පොරොන්දු වී තිබේ.
Servant of the People නම් ප්රහසන ටෙලි මාලාව ඔස්සේ ජනප්රියත්වයට පත් 41 හැවිරිදි රංගන ශිල්පියා එහි රඟපෑවේ අහඹුවකින් යුක්රේන ජනපති වන පුද්ගලයකුගේ චරිතය කි.
සබැඳි පුවත්
යුක්රේන ජනපතිවරණයේ ජය ප්රහසන නළු වොලොඩිමීර් සෙලෙන්ස්කිට