ගේම් ඔෆ් ත්‍රෝන්ස් අවසානයට මිශ්‍ර ප්‍රතිචාර
රූපවාහිනි ඉතිහාසයේ වඩාත් සාර්ථක ටෙලියක් ලෙසින් නමක් දිනා ගත් “ගේම් ඔෆ් ත්‍රෝන්ස්” හි අවසන් කතාංගය අද විකාශනය විය.
කෙසේ වෙතත් අවසන් ටෙලි මාලාවට එනම් 8 වැන්නට මිශ්‍ර රසික සහ විචාරක ප්‍රතිචාර ලැබී තිබුණි.
“සුදුසු තිර රචකයින්” යොදා ගනිමින් අවසන් ටෙලි මාලාව ප්‍රති නිර්මාණය කරන ලෙස ඉල්ලා සිටින පෙත්සමකට ද මේ වනවිට මිලියනයකට අධික නරඹන්නන් සංඛ්‍යාවක් අත්සන් තබා තිබේ.
“මේ කතා මාලාව තකහනියේ ඇදගෙන ගියා, ඒක සහතික යි. අවස්ථා මග හැරියා, හොඳ නම නැති කරගත්තා ඒ වගේම එහි චරිත හෝ නළු නිළියන්ට යුක්තිය ලබා දීමට අපොහොසත් වුණා,” යනුවෙන් ලුසී මන්ගන් ගාඩියන් පුවත්පතට ලියූ ලිපියක සඳහන් වේ.
“නමුත්, ඔබ ගේම් ඔෆ් ත්‍රෝන්ස් සෙල්ලම් කරනවා නම්, ඔබට හිමිවන්නේ දිනුම නැතිනම් මරණය යි. සමස්තයක් ලෙසින් මම හිතනවා ඔවුන් දිනුවා කියලා.”
නළු නිළි ගෞරවය
රංගන දායකත්වය සැපයු නළු නිළියන් කිහිප දෙනෙක් ද ගේම් ඔෆ් ත්‍රෝන්ස් අවසානය විකාශනය වීමෙන් අනතුරුව ඊට සමාජ මාධ්‍ය ඔස්සේ සිය ගෞරවය පිරිනමා තිබුණි.
“අවසානය තෙක් ටෙලියට ලබා දුන් සහයෝගයට ස්තුතියි,” යනුවෙන් සන්සාගේ චරිතයට පණ පෙවූ සොෆී ටර්නර් සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමෙහි සටහනක් තබා තිබුණි.
මකර මව් ලෙසින් රඟපෑ එමිලියා ක්ලාක් සඳහන් කර තිබුණේ “ගේම් ඔෆ් ත්‍රෝන්ස් මා කාන්තාවක, රංගන ශිල්පිනියක වගේම මනුෂ්‍යයකු ලෙසින් ද හැඩ ගැස්වූවා” යනුවෙනි.
සමාජ මාධ්‍ය ඔස්සේ සිය ගෞරවය පුද කළ නළු නිළියන් අතර ග්වෙන්ඩලයින් ක්‍රිස්ටි (බ්‍රියෙන්) සහ ජෝන් බ්රැඩ්ලි(සෑම්) ද වේ.