සිය නවතම චිත්‍රපටය වන රයීස් (Raees) ප්‍රවර්ධනය කිරීම සඳහා දුම්රියේ චාරිකාවක නිරත වූ සුපිරි බොලිවුඞ් නළු ෂාරුක් ඛාන් දැක බලා ගැනීමට ගුජරාටයේ වදෝද්ද්රා දුම්රිය ස්ථානයට පැමිණි රසිකයෙකු තෙරපීමෙන් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
සිහිසුන් වූ ඔහු රෝහල් ගත කිරීමේදී මිය ගොස් ඇත්තේ හෘදයාබාදයකින් බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.
ෂාරුක් ඛාන්ගේ ප්‍රබල රසිකයෙකු වූ ෆරීඞ් ඛාන් පතන් නමැති ඔහු තවත් දහස් සංඛ්‍යාත රසිකයන් සමඟ දුම්රිය ස්ථානයට පැමිණ ඇත්තේ සිය බිරිඳ සහ දරුවන් සමඟයි.
එහි රොක් වූ අතිවිශාල ජනකාය පාලනය කිරීමට යොදවා සිටි පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු ද ඇද වැටී ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර තිබෙනවා.