zoom කියන්නේ මෙරට තිරගතවන පළමු සිංහල 3D චිත්‍රපටය. ඒ වගේම මෙය භීතිය ගෙන එන Horror ගනයේ සිනමා කෘතියක්.
කොහෙම නමුත් zoom චිත්‍රපටයේ ප්‍රචාරණ කටයුතු සඳහා එම චිත්‍රපටයේ නළු නිළියන් සම්බන්ධ නෙවන බවට එහි අධ්‍යෂකවරයා සමීර වක්වැල්ලගේ චෝදනා කර සිටිනවා.
‘ඔහු මේ බව පුවත්පත් සාකච්ඡාවකට එක් වෙමින් මේ බව පවසා ඇති අතර එහිදී ඔහු මෙසේ අදහස් දක්වා තිබුනා.
'රංගන ශිල්පියෙක්ගෙන් සහ ශිල්පිනියකගෙන් බලාපොරොත්තු වෙන රංගනය ඔවුන්ගෙන් ලැබුණා. ශේෂාද්‍රි සහ හේමාල් ඒ චරිත හොඳට කළා. හැබැයි චිත්‍රපටයේ ප්‍රචාරණ කටයුතුවලට ඔවුන් එන්නේ නැහැ. හේමාල් නම් ප්‍රචාරණ කටයුතුවලට සම්බන්ධ වෙන්නේ නැති ප්රශ්නය දරුණුයි. ඔහු ප්‍රචාරණ කටයුතුවලට සම්බන්ධ නොවෙන්නේ ඇයි කියලා මම හරියට දන්නේ නැහැ.
ඒ වගේම තමන් හිතපු තරමේ ආදායමක් ලබන්න බැරි වුණොත් චිත්‍රපටයේ ප්‍රගතියට යම් හානියක් කළ චිත්‍රපටයේ කටයුතු පස්සට ඇද්ද අයට විරුද්ධව නඩු කියලා වන්දි ලබාගන්න කටයුතු කරනවා කියලා අධ්‍යෂකවරයා පවසා තිබුණා.