විමල් බැලීමට බන්ධනාගාරයට ගිය කලාකරුවන් අතර ප්‍රකට වූ කලාකරු ලාල් කුලරත්නද විය. ලාල් කුලරත්න මහතා මාධ්‍ය අමතා ඒ ගැන පවසා සිටියේ තමාගේ නමද වාහන අවභාවිතාවේ යෙදවූ බවට ලැයිස්තුවේ ඇති බවත් තමා වාහන ගත් බව ඇත්ත බවත්ය.
නමුත් ඒ වාහන ලබාගෙන ඒ කාලයේ කළ සේවය ගැන සඳහනක් නැති බවය.
‘මේක කලාකරුවන් විදිහට අපි දකින්නේ තනිකර දේශපාලන පලිගැනීමක් විදිහට. මමත් වාහන ගත්ත කියල ඔය ලැයිස්තුවේ තියනවා.
හැබැයි මං කට උත්තර දීල තියනව. ඒ වාහන අරගෙන මොකක්ද කලේ කියල ඒ කාර්ය මණ්ඩලයේ හැටියට.
නමුත් ඒව මොකක්වත් එළියට දාල නැහැ. අර වාහන පාවිච්චි කරා විතරක් කියල දාල තියනවා. නමුත් අපි විශාල සේවයක් කරල තියනවා අවුරුදු 4 ක ඒ වාහන භාවිතා කරලා. ඒකෙන් තේරෙනවා මේක තනිකරම දේශපාලන උවමනාවට කරන වැඩක්.
යයි ඔහු වැඩිදුරටත් පවසා ඇත.
ලාල් කුලරත්න විමල් වීරවංස මහතා නියෝජනය කරන ජාතික නිදහස් පෙරමුණේ බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරයෙකු ලෙසද කටයුතු කරනු ලැබීය