පොඩි නොස්ටැල්ජික් ෆීලින් එකක් එක්ක ඔන්න දැන් අපි 'දිය කැට පහණ' සතියක් ගානේ YouTube එකේ කොටස කොටස දාන්නයි යන්නේ. ..
මීට අවුරුදු 23 කට ඉස්සර, 1996 තරම් ඈතක තමයි 'දිය කැට පහණ' පළමු කොටස ජාතික රූපවාහිණියේ විකාශය වුනේ. ඒ වෙනකොට ටෙලි නාට්‍යය මැදට 'වෙළඳ දැන්වීමක්' එල්ලන සම්ප්රදාය එකතු වෙලා ඉවරයි. ඒ දවස් වල ටෙලි නාට්‍ය විකාශයට තනි අනුග්‍රාහකයෙක් හිටියා. දැන් වගේ අවජාතක නැහැ. 'දිය කැට පහණ' විකාශය වුනේ 'රොබියලැක්' අනුග්‍රහයෙන්. ඔවුන් අප සමඟ එකඟ වුනා, මැද දැන්වීම නැතුව විකාශය කරන්න. 'ඔබේ රසවින්දනයට බාධා පමුණුවන නාට්‍ය මැද වෙළඳ විරාමයාකීන්' තොරව වගේ ටැග් ලයින් එකක් නාට්‍ය පටන් ගන්නකොට දාලා නාට්‍යය අඛණ්ඩව ගලා යන්නට ඉඩ හැරියා.
නාට්‍ය විකාශය වුනේ රාත්‍රී 8.30 ට. විකාශය අවසාන වෙනකොටම රාත්‍රී 9:00 ට 'ලක්හඬ' ගුවන් විදුලියේ එදා කොටස පිලිබඳ සංවාදයක්. ආරාධිතයෙක් සහ ප්‍රේක්ෂකයින් ඊට එකතු වුනා. වැඩසටහන මෙහෙයවූවේ ඩබ්ලිව්. ජයසිරි. නාට්‍යය තරමටම මේ සංවාදය ත් නැගලා ගියා.
හැම කොටසක් ම ආරම්භ වෙන්නේ ආත්මභාෂණයකින් (monologue ). පළවෙනි monologue එක ඉවරවෙන්නේ නාට්‍යයේ ප්‍රධාන චරිතය 'දීප්ති' හුඹහකට 'චූ' කරන ඇක්ට් එකකින්. රේඩියෝ සංවාදය වෙලාවේ මල පැනපු පොරක් කතාකරලා කිවුවා චූ කරන්න ඕනේ මේකේ ඩිරෙක්ටර් ගේ කටට කියලා. ( මෑන් කවුද කියලා ඒ call එක ගන්න වෙලාවේ පොර ලඟ හිටි කෙනෙක් පස්සේ කතාකරලා කිවුවා. ඒ හින්දා අපි එයාව දන්නවා).
නාට්‍යය බලලා දීප්ති වගේ වෙන්න ගිය කොල්ලෙක් ගේ තාත්තා එයාව ගෙදරින් පැන්නුවා කියලා ලියුමක් එවලා තිබ්බ. විමලේ ( මහේන්ද්‍ර පෙරේරා) ගමේ ගේම් කාරයා. ඌ බීඩියක් බොන සීන් එකක් අපට කියන්නේ නැතුව රූපවාහිනිය කැපුවා. අපි උසාවි ගියා. අපි දිනුවා. කැපුවට සමාව ඉල්ලලා ටැග් එකක් දාලා රූපවාහිනිය කපපු කොටස ආයේ විකාශය කලා. ඒකට මල පැනපු සෙට් එකක් පාරේ පෝස්ටර් ගැහුවා ටුබැකෝ එකෙන් අපි සල්ලි අරන් කියලා. ඉතින් ඔය වගේ ජරමර අස්සේ වැඩේ හොඳින් කෙරුනා.
'දිය කැට පහණ' ඔරිජිනල් පිටපත අස්ථාන ගත වෙලා තියෙද්දී ඒකෙ කොපියක් හොයා ගන්න අපි මාර කට්ටක් කෑවා. කොහොම හරි ඩ්‍රාමා, එකේ ම සුනිලා ගේ චරිතේ කරන ප්‍රියංකා සමරවීර VHS එකකින් හදාගත්ත කොපියක් හොයලා දුන්නා. මේකේ රඟපාන සමහරු මේ ලෝකේ හැර ගිහින්. රුක්මල් වගේ සමහර ඇට කොල්ලෝ දැන් තාත්තලා. දීප්ති කරපු රාජු බණ්ඩාර ආයේ කවදාවත් රඟපාන්නේ නෑ කිවුවා. මැල්කා තවත් ඇට වෙලා. ප්‍රියංකා, මහේන්ද්‍ර, හේමසිරි අයියා නම් වැඩි වෙනසක් නැහැ. කෞෂි, අනෝමා, මල්කාන්ති ඒ විදියටම පොඩ්ඩ පොඩ්ඩ ඇඟ දාලා. තිරේ පිටුපස් ඉන්න ඒ දවස් වල අලුත් උන් දැන් ෆීල්ඩ් එකේ පොරවල්. Ikegami කැමරා එකකින් මුළු ඩ්‍රාමා එකම චන්න ෂූට් කලේ හෑන්ඩ් හෙල්ඩ්. දැන් වගේ non-linear එඩිට් නැති කාලේ අතේ රිදම් එකට එඩිට් කලේ රවී.
චතුර ජයතිලක මේ ස්ක්‍රිප්ට් එකට සිරා පෙරවදනක් ලියලා පල කළා. ඒකේ පිදුම සයිමන් නවගත්තේගමටයි, අජිත් තිලකසේනටයි.
ඉතිං අගෝස්තු 2 වෙනි සිකුරාදා සිට හැම සිකුරාදාවකම ලංකාවේ වේලාවෙන් රෑ 8:30 ට YouTube ( Premiere ) එකක් විදියට ඒ ටෙලි අත්දැකීම …විඳි අයට ආයෙත්. නොවිඳි අයට අලුතින්...