නිලුපුලී ජයවර්ධන අපිට කතාකළා. ඇය මෙහෙම කිව්වා. ලංකාදීප පත්තෙරේ සම්මානයට පාත්රවූ රංගන ශිලිපිණියක් සිය පුවත්පත් සාකච්ජාවෙදි නිලුපුලී ජයවර්ධන කියලා නමක් කියලා තියෙනවා මම එම සාකච්ජාව මෙහෙයවපු කෙනාගෙන් ඇහුවා ඒ කොයි නිලුපුලීද කියලා... නමුත් තාම පිලිතුරක් නැහැ. හැබැයි මට මේ ටික ප්‍රකාශ කරන්න ඔිනෙ
නිලුපුලී ජයවර්ධන වේදිකා සිනමා හා රූපවාහිනියේ නිර්මාණ සඳහා සිය රංගන දායකත්වය ලබාදුන් රංගන හැකියාවක් ඇති කලාත්මක නිර්මාණ වලට සිය දායකත්වය නොමසුරුව ලබාදුන් රංගන ශිල්පිණියකි.
එම පුවත් පත් සාකච්ජාවේ මාධ්‍යවේදියා අසන ප්රශ්නය වන්නේ
(උපුටාගැනීම ලංකාදීප)
එහෙත් වතුකරයේ තේ දළු නෙළන්නිය ල මැද පෙරදිග ශ්‍රමය වගුරුවන ගැහැනියලමධ්යම පංතියේ සැමියාගෙන් ගුටි බැට කමින් දරුවන් හදා වඩා උස් මහත් කරණ ගැහැනිය වගේම ඔබත් ශ්‍රම සුරා කෑමේම ගොදුරක් වුණා නේද
පළමු ප්රශ්නයෙන්ම ඉහළට ඔසවා දෙවැනි ප්‍රශ්නයෙන් ඔබ මා බිම හෙලුවා නේද? (කල්පනා කරයි) ඔව් මම බය නැහැ ලජ්ජා නැහැ කියන්න.ඔබ ඉහතින් සඳහන් කළ නිළියන් වගේම දම්මි ෆොන්සේකා චන්දි රසිකා නිලුපුලී ජයවර්ධනශ්යාමලී වරුසවිතාන වැනි නිළියන් තේදළු නෙළන්නියන් මැද පෙරදිග ශ්‍රමය වගුරුවන ගැහැනුන්ටත් අන්ත ආකාරයට රවටා ඔවුනගේ නිළි ශ්‍රමය සුරා කා එපමණකින් නොනැවත ඝාතනයට මර්දනයට නොතකා හැරීමට උන් හිටි තැන්වලින් එළවා දැමීමට තරම් සාහසික ක්‍රියාවන්ට නිළියන් ගොදුරු වී තිබෙනවා ඒ තමයි සිනමා අධ්‍යක්ෂකවරුන්ගේ හා නිෂ්පාදකයින්ගේ මෙන්ම වෘත්තීය පසුබිමක් සකස් නොකරණ ජාතික චිත්‍රපට සංස්ථාවේ අත්තනෝමතිකත්වයේ හැටි දරදිය ඇද දරුවන් හදා වඩා නිර්මාණවල ශ්‍රමය වැගිරූ මට තේ දළු නෙළන ගැහැනියක දිනකට ලබන රු.500.වැටුපවත් ලැබුණා ද.
(උපුටාගැනීම අවසන්)
මේ අනුව නිලුපුලී ජයවර්ධන යනුවෙන් සිනමාවේ වේදිකාවේ සහ පුංචිතිරයේ සිටියේ අප ට ආමන්ත්‍රණය කළ රංගන ශිල්පිණිය පමණයි.
මෙහිදී නිලුපුලී අපට පැවසුවේ...
"මම කිසිම විදිහකින් මගේ ශ්‍රමය සූරාකෑමට හිතා මතා හෝ නෙැදැනුවත් කමින් ඉඩක් දීලා නැහැ.ඒ වගේම මම කාගෙවත් රැවටීමකට ලක්වෙලා නැහැ වෘත්තීය රංගන ජීවිතය තුළදි. මාව කව්රුත් පාවිච්චි කරලා නැහැ. මම වැඩ කරපු හැම චිත්‍රපටයකම මම මුදල් අරන් තියෙනවා ගිවිසුම් වලට එලැඹ තියෙනවා සහ මම ඒ පිටපත් කියවලා තියෙනවා. විශේෂයෙන් අශෝක හඳගමගෙ 'තනිතටුවෙන් පියාඹන්න' කියන චිත්‍රපටයේ මා කළ චරිතයට මට එහි නිෂ්පාදක උපුල් ශාන්ත සන්නස්ගල මහතා ගෙව්වා ඒ වගේම විමුක්ති ජයසුන්දරගෙ 'සුළග එනු පිණිස' චිත්‍රපටයෙත් මා මුළින්ම පිටපත කියවා බලා අනතුරුව මගේ මුදල් සම්බන්ධයෙන් සාකච්ජා කර ගිවිසුම් අත්සන් කර කොන්දේසි ද ඇතුළත්ව මම එහි රගපෑවෙ. මට එතෙන්දි රංගනයට අවශ්‍ය මානසික වාතාවරණය නිසි ලෙස එම චිත්‍රපට කණ්ඩායම් විසින් ලබාදුන්නා.
ඇත්තටම මට මේ අදහස ප්‍රකාශ කරන්න අවශ්‍යවුනේ වෙනමොනවත් නිසාම නෙමේ.. මා සම්බන්ධවූ එම නිර්මාණවල නිෂ්පාදකවරුන්ට සහ අධ්‍යක්ෂවරුන්ට අසාධාරණයක් වේවිය කියලා හිතුනා. ඒ වගේම මම ඉතාම සිහිබුද්ධියෙන් සහ අවබෝධයෙන් යුතුවයි ඒ නිර්මාණ වලට දායක වුනේ . මගේ ශ්‍රම සූරාකෑමක් සිදුනොවූ බව මම කියන්න ඔිනෙ. මම විශ්වවිද්‍යාලවල කරන නාට්‍යවලට මෙන්ම අනෙකුත් නිර්මාණවලට සහයෝගයක් දැක්වීමක් ලෙසින් නොමිළේ දායකත්වය දීලා තියෙනවා. වෘත්තීමය වශයෙන් මා දායක වූ නිර්මාණවල මට අසාධාරණයක් හෝ මගේ ශ්‍රම සූරාකෑමක් සිදුව නැහැ.
එහෙම ප්‍රකාශක් තුළට මගේ නම බාවිතා කිරීම පිළිබඳව මා කනගාටුවෙනවා. එය මගෙන් විමසා කරුණු දැනගෙන ලිව්වානම් හෝ කිව්වානම් තමා හොඳ. මොකද කෙනෙක්ගෙ නමක් ප්‍රසිද්ධියේ බාවිතා කරනවනම් ඒක කොයිතරම් සාදාචාරාත්මක ද කියලා හිතන්න වෙනවා.
අසාධාරණයක් වුන කෙනෙක්ගෙ නමක් වුනත් එහෙම අවසරයකින් දැණුම් දීමකින් තොරව බාවිතා කරන එක කොයිතරම් හොඳද නැද්ද කියලා හිතන්න ලියන අයත් දැන ගන්න ඔිනෙ."..
නිලුපුලී සිය කලා කටයුතු වළින් ඈත්වන්නේ ඇයගේම කැමැත්තෙන් බව ද ඇය ප්‍රකාශ කළ අතර ඇයට තව දුරටත් රගපෑම සඳහා නිරන්තරයෙන් ආරාධනා ලැබෙන බවත් ඇය සිය දරුවාටත් පවුල ටත් ප්‍රමුඛත්වය ලබාදී ඇති බව සඳහන් කළාය
නිලුපුලී සිය විවාහයෙන් පසු කලා කටයුතු වළින් තාවකාලිකව ඈත්ව දරුවාගේ සහ පවුලේ වගකීම්වලට මෙන්ම ව්‍යාපාර කටයුතුවලට මැදිහත්ව කටයුතු කරයි.