නිරුවත් රංගයක් ඡායාරූප ගතකළ නරඹන්නාට වේදිකානාට්‍ය නිළිය දොස් තියයි
නිරුවත් රංගයක් සිදු කරන අතරතුර ඡායාරුපයක් ලබා ගත් ප්‍රේක්ෂකාගාරයේ සිටි පුද්ගලයෙකුට වේදිකා නාට්‍ය රංගන ශිල්පිනියක් දොස් පවරා තිබේ.
පසුගිය මැයි මස සිට බ්‍රෝඩ්වේ රංගශාලාවල වේදිකාගත කෙරෙන “ෆ්රෑන්කි ඇන්ඩ් ජොනි ඉන් ද ක්ලෙයා ද ලුන්” නව නිෂ්පාදනය සඳහා සිය දායකත්වය සපයන ඕඩ්රා මැක්ඩොනල්ඩ් නම් ඇමරිකානු රංගන ශිල්පිනිය මෙසේ දෝෂාරෝපණය කර තිබුණි.
“අද නිරුවත් රංගය අතරතුර ඡායාරුපයක් ලබාගත් ප්‍රේක්ෂකාගාරයේ සිටි කාට වුණත් මම කියන්නේ. ඒ වැඩේ අන්තිම සවුත්තුයි,” යනුවෙන් සඳහන් ට්විටර් පණිවිඩයක් පසුගිය ඉරිදා ඇය පළ කර තිබුණි.
වේදිකා නාට්‍ය ප්‍රදර්ශනය කෙරෙන කාලය අතරතුර ඡායාරූප ගැනීම බොහොමයක් ඇමරිකානු රංගශාලාවල තහනම් කර ඇත.
කෙසේ වෙතත් ඡායාරුපය ලබාගත් තැනැත්තා මේ වනතෙක් හඳුනාගෙන නොමැත.
එරින් ආබස්ගේ අධ්‍යක්ෂණයක් වන “ෆ්රෑන්කි ඇන්ඩ් ජොනි ඉන් ද ක්ලෙයා ද ලුන්” එළඹෙන සඳුදා තෙක් රංගගත කෙරේ.