අම්මා එක්ක පිට පිට සම්මාන ගත් කාවින්ද්‍යා සංවේදී වෙයි
ජනප්‍රිය ගායන ශිල්පිනි සමිතා මුදුන්කොටුව සහ ඇගේ දියණිය කාවින්ද්‍යා අධිකාරී පසුගියදා නිමාවට පත්වූ දෙරණ සිනමා සම්මාන සහ ජනාධිපති සිනමා සම්මාන උළෙල දෙකේ දීම සම්මානයට පාත්‍ර විය.
විශේෂයෙන්ම, පසුගිය සතියේ දී පැවැත්වුණු ජනාධිපති සම්මාන උළෙලේ දී සමිතා හොඳම ගායිකාව ලෙසත් කාවින්ද්‍යා හොඳම නැඟී එන නිළිය ලෙසත් සම්මාන දිනාගත් අතර එය මෙරට සිනමා සම්මාන ඉතිහාසයේ සුවිශේෂී අවස්ථාවක් විය. ඒ දියණියගේ රංගනය වෙනුවෙන් හඬ දායකත්වය ලබා දී මව හොඳම ගායිකාව ලෙසත් දියණිය හොඳම නැඟී එන නිළිය ලෙසත් සම්මාන දිනා ගත් පළමු අවස්ථාව ලෙසිනි.
සිය මව මෙන්ම තමන් අත්කරගත් ජයග්‍රහණය සම්බන්ධයෙන් කාවින්ද්‍යා, සංවේදී සටහනක් සිය ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍ය ගිණුමෙහි තබා තිබුණි.
“අපි ලෝකෙම දිනලා ඉවරයි මගේ අම්මී!!! අවුරුදු 20 ඉඳන් ඔයා විඳපු හැම දුකක්ම ඔයා මාත් එක්ක බෙදාගෙන තියෙනවා...
අපි කවුරුත් මේ ලෝකේ 100/100 සම්පූර්ණ මිනිස්සු නෙමේ ඒත් අම්මාගේ මම අගය කරන ලොකුම දේ, මොනා උනත් මල්ලිවයි මාවයි ඔයා තනි කරපු නැති එක. අම්මත් අපිව තනි කරානන් මල්ලී මට තත්තා කෙනෙක් වෙන්නෙත් නෑ මම මෙහෙම ගොඩක් අය වර්ණනා කරන දුවෙක් වෙන්නෙත් නෑ...මගේ අම්මාට ගොඩක් පිං අපිව මෙහෙම ලස්සනට තියෙනවාට ඒ වගේම පුදුම ආදරෙන් බලාගන්නවට.
අම්මා එදා ඔයා ගෙවපු ඒ දුක් කන්දරාවට වඩා ගොඩක් සතුටු වෙන්න පුලුවන් දේවල් ඉස්සරහට මම ඔයාගේ ජීවිතේට ගේනවා කියල මම පොරොන්දු වෙනවා... අම්මයි මායි ගැන මේ ලෝකේ අපි දෙන්නට දෙන්නා සතුටු උනාට පස්සේ ගොඩක්ම අපි ගැන අපි තරම්ම සතුටු වෙන්නෙ එකම එක්කෙනයි... ඒ තමයි මගේ රත්තරං මල්ලී... මගේ අම්මගෙයි මගෙයි වාසනාවකට හම්බුන ඒ වස්තුව... අපි දෙන්නගේම හදවත් වලට වඩා පිරිසිඳු හදවතක් තියෙන එයා අපිට තවත් ජීවත් වෙන්න, සතුටින් ඉන්න ශක්තියක් වෙනවා ගෙවෙන හැම තප්පරේම... ඉස්සරහටත් එන හැම Obstacle එකකටම අපි මේ වගේම හොඳින් face කරනවා කියල මම දන්නවා... මගේ ජීවිතේ හැම සාර්ථකත්වයකටම මුල් පුරුක මගේ අම්මා... ඔයාට ඕන උනේ මල්ලී මමයි ලෝකයම ජයගන්නවා බලන්න... අද මල්ලී මමයි ඔයාගෙ ජයග්‍රහණත් බලනවා... ඒ තරම් සතුටක් නෑ මගේ අම්මී... ඒ වගේම තමයි, අම්මා එක්කම පිට පිට සම්මාන දෙකක් වේදිකාවේ මගේ පළවෙනිම සිනමා නිර්මාණයෙන් මට ගන්න පුලුවන් උන එක ගැන මට කියන්න වචන නෑ අම්මා... මම හිතනවා අම්මගේ ආසාවල් පොඩ්ඩ පොඩ්ඩ මගේ මේ හෙමින් යන ගමනින් මම ඔයාව සතුටු කරවනවා කියලා... මටයි මගෙ අම්මට සහ මල්ලිට හදවතින්ම ආදරේ කරන අයට ගොඩක් ආදරෙයි. ඒ වගේම අපි තුන්දෙනාට වෛර කරන අයට, අපිව වට්ටන්න හදන අයට තවත් ආදරෙයි මොකද ඔයාලා එකම තැන ඉද්දී අපි ඔයාලා නිසා හිත ශක්තිමත්ව ඉදිරියට ගමන් කරන ගමන් මේ ඉන්නේ... බොහොම ස්තූතී...
-කවී"