ප්‍රවීන නලුවකු සහ නියෝජ්‍ය අමාත්‍යවරයකු වන රංජන් රාමනායක පසුගිය දිනක දිවුලපිටිය ප්‍රදේශයේ පස් කැපීමක් පිළිබඳ ගැටළුවකට මැදිහත් වෙමින් දිවුලපිටිය ප්‍රාදේශිය ලේකම්තුමියට ප්‍රසිද්ධියේ දුරකතනය මගින් බැන වැදි ඇත.
එහිදී රංජන් ආදාළ රාජ්‍ය නිලධාරිනියට අමතන්නේ ‘හොම්බට දමලා අනිනවා.. උඹලට හෙන ගහනවා… යනුවෙනි.
රංජන් අමාත්‍යවරයාගේ නොහොබින වාග් මාළාවට ප්‍රතිඋත්තර පසයන රාජ්‍යය නිලධාරිනිය පවසා සිටින්නේ.
අපි රාජ්‍ය නිලධාරීන් බවත් හොම්බට අනිනතුරැ බලා නොසිටින බවත් තමන් වැරද්දක් කර ඇතිනම් නීත්‍යනුකූලව පිවර ගන්නා ලෙසත්ය
රංජන් රාමනායකගේ මෙම හැසිරිම එවකට අමාත්‍යවරයෙකුව සිටි මර්වින් සිල්වා ඇමතිවරයාගේ ක්‍රියාකලාපයන් සිහිගන්වනක් වන අතර රටේ පරිපාලන නිලධාරින් සම්බන්ධව කටයුතු කිරීමේදී රටේ පිලිගත් නීතිය හා ක්‍රමවේදය තුළ කටයුතු කිරිමට ජනතාව මෙන්ම මහජන නියෝජිතයින් වගබලා ගත යුතු බව මේ සිද්ධිය පිළිබඳ අදහස් දැක්වු ප්‍රවීණයන් අදහස් දැක්වමින් පවසා ඇත.
වීඩියෝ අනුග්‍රාහය අද දෙරණ