රාජ්‍ය ඡායාරූප උළෙල 2019 සාර්ථකව පැවැත්වෙයි
රාජ්‍ය ඡායාරූප උපදේශක සභාව, ශ්‍රී ලංකා කලා මණ්ඩලය, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සහ නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය එක්ව සංවිධාන කළ “ශ්‍රී ලංකා රාජ්‍ය ඡායාරූප උළෙල 2019” ඊයේ (19) පස්වරුවේ චිත්‍රපට සංස්ථා තරංගනී ශාලාවේ දී පැවැත්වුණි.
ජ්‍යෙෂ්ඨ ඡායාරූප ශිල්පින් වන ගාමිණී ජයසිංහ සහ පී.යූ.ඩී. පෙරේරා එහිදී “ඡායාරූපාභිමානි” ගෞරව සම්මානයෙන් පිදුම් ලැබුහ.
උළෙලේ සම්මානලාභී ඡායාරූප සහ තෝරාගත් ප්රශස්තතම ඡායාරූප ඇතුලත් ප්‍රදර්ශනයක් අගෝස්තු 23,24 සහ 25 තෙදින පෙරවරු 9.30 සිට පස්වරු 5 දක්වා කොළඹ ජේ.ඩී.ඒ. කලාගාරයේ දී පැවැත්වීමට ද කටයුතු යොදා තිබේ.
ඡායා: සම්පත් පීරිස්