“ඔබ එන්නෙහිද
හුදකලා සයනය අසලට
මුදු සරින් පියවර හඬවා
නිමා වූ ප්‍රීතිමත් ලිවි සැරිය
මතකයට මුමුනන්න
එවිට මට හැකිය
මිහිරි ඵල ගැන්වූ මලක් සේ
ගිලිහී
පොළවෙහි වැතිරගන්න”
ජයන්ත කහටපිටියගේ නවතම කාව්‍ය සංග්‍රහය “විවාහකයාගේ ප්‍රේමප්‍රාප්තිය” එන සැප්තැම්බරයේ දොරට වැඩිමට නියමිත ය.
සැප්තැම්බර් 4 වැනිදා සවස 3 ට මහවැලි කේන්ද්‍රයේ දී ග්‍රන්ථය එළිදැක්වීමේ උත්සවය පැවැත්වේ.
එදින අදහස් දැක්වීම සුජීව සිරිමෙවන්, විමල් කැටිපේආරච්චි, ප්‍රියංකරගේ බන්දුල ජයවීර, ගයාරා වාහලතන්ත්‍රි, තමල් වීරසිංහ, අනුපමා ගනේගොඩ, ලහිරු කිතලගම, නිසංසලා බර්තොලමියුස්, ශෙනු පෙරේරා විසිනි.
“විවාහකයාගේ ප්‍රේමප්‍රාප්තිය” අහස ප්රකාශනයකි.
එදිනට පැමිණෙන මෙන් ඇරයුම්!