“විද්‍යෝදය සාහිත්‍ය සම්මාන 2019” සඳහා නිර්දේශිත කෘති මෙන්න
මෙරට විශ්ව විද්‍යාලයක් මඟින් සංවිධාන කරන ජාතික මට්ටමේ ප්‍රථම හා එකම සාහිත්‍ය සම්මාන උළෙල, සිව් වසරක නිහැඬියාවකින් පසු නැවතත් පැවැත්වීමට සියලු වැඩ කටයුතු මේ වනවිට සුදානම් කර ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සිංහල හා ජනසන්නිවේදන අධ්‍යන අංශ ප්‍රධාන මහාචාර්ය පූජ්‍ය මැදගම්පිටියේ විජිත හිමියෝ පවසති.
උන්වහන්සේ මේ බව ප්‍රකාශ කර සිටියේ එම විශ්වවිද්‍යාලයේ 60 වන සංවත්සරයට සමගාමීව සංවිධාන කරන “විද්‍යෝදය සාහිත්‍ය සම්මාන උළෙලේ” සම්මාන සඳහා නිර්දේශිත නාම හඳුන්වාදීමට අද (26) දින රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ දී පැවති මාධ්‍ය හමුවේ දී ය.
ඒ අනුව විශිෂ්ටතම කාව්‍ය සංග්‍රහය, විශිෂ්ටතම ගේය පද සංග්‍රහය,විශිෂ්ටතම කෙටිකථා සංග්‍රහය, විශිෂ්ටතම නවකතාව සහ විශිෂ්ටතම තීරු ලිපි සංග්‍රහය යන විෂය ඛාණ්ඩ පහක් යටතේ මෙවර සම්මාන ප්රදානය කිරීමට නියමිත වේ.
සම්මාන ප්‍රධානෝත්සවය පැවැත්වෙන්නේ එළඹෙන සැප්තැම්බර් 3 වනිදා පස්වරු 3 ට ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාල සුමංගල සම්මන්ත්රණ ශාලාවේ දී ය.
සම්මාන සඳහා නිර්දේශ කෘති පහතින්,