ඇමසන් වනය රැකගන්න ලියනාඩෝ ඩිකැප්රියෝගෙන් මුදල් ආධාර
ඇමසන් වැසි වනාන්තරය විනාශ කරමින් පැතිර යන ගිනි මැඩලීම සඳහා සහය ලබාදීම පිණිස ඇමරිකානු ඩොලර් මිලියන 5ක මුල්‍යමය ආධාරයක් ලබාදෙන බව ලියනාඩෝ ඩිකැප්රියෝ විසින් සම-ආරම්භ කරන ලද “Earth Alliance” නම් පරිසර සංවිධානය පසුගිය සති අන්තයේ දී නිවේදනය කර තිබේ.
“පෘථිවියේ පෙනහළු රැකගැනීමේ මුලික ආරක්ෂණ කටයුතු සඳහා” එම මුදල යොදා ගැනෙන බව ඔවුන් විසින් පළ කළ ඉන්ස්ටග්‍රෑම් සටහනෙහි දැක්වේ.
මෙම ක්‍රියාවලිය සඳහා මුදල් පරිත්‍යාග කිරීමට මහජනයා කෙරෙහි පෙළඹවීමක් ඇතිකිරීමට ද එමඟින් ඔවුන් කටයුතු කර ඇත.
“පෘථිවියේ පෙනහළු ගින්නෙන් දැවෙමින් තිබේ. මිලියනයක් ස්වදේශීය ජනයාට සහ මිලියන 3 ක් ජීවි විශේෂවලට නිවහන වූ බ්‍රසීල ඇමසන් වනය සති තුනකට වැඩි කාලයක පටන් ගින්නේ දැවෙමින් ඇත.”
සිය ඉන්ස්ටග්‍රෑම් සමාජ ජාල ගිණුමෙහි සටහනක් තබමින් රංගන ශිල්පී ඩිකැප්රියෝ ද ඇමසන් ආරක්ෂා කරගැනීමට ඉදිරියට එන මෙන් ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.
“මෙම අරමුදල් සෘජුවම ලබා දෙන්නේ ඇමසන් වනය ආරක්ෂා කිරීම උදෙසා කැපවෙන දේශීය සහයකයින් සහ ස්වදේශිය ජනතාවට යි. ඊට ඔබටත් දායකත්වය ලබා දිය හැකි යි”