“The Beauty of Sri Lanka” ඡායාරූප ප්‍රදර්ශනය ඇමරිකාවේ දී
අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර පිහිටි ශ්‍රී ලංකා කොන්සියුලර් ජනරල් කාර්යාලය සහ ඇමරිකාවේ ශ්‍රී ලංකා ඡායාරූප කලා සංගමය විසින් සංවිධානය කරන ශ්‍රී ලංකා අනන්‍යතාව ප්‍රවර්ධනය කරන වැඩසටහන සහ “The Beauty of Sri Lanka” ඡායාරූප ප්‍රදර්ශනය එරට ලොස් ඇන්ජලීස් නුවරදී සැප්තැම්බර් මස 21 සිට 27 දින දක්වා පවැත්වීමට කටයුතු යොදා ඇත.
මෙම ඡායාරූප ප්‍රදර්ශනය සඳහා මෙන් ම පවැත්වෙන ප්‍රවර්ධන වැඩසටහන සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ප්‍රවීන ඡායාරූප ශිල්පීන් සහභාගී වීමට නියමිතය.
ශ්‍රී ලංකාව වෙනුවෙන් ප්‍රවීන ඡායාරූප මාධ්‍යවේදීන් ,වනජීවී ඇතුළු විවිධ ක්ෂේත්රවල ප්රවීනත්වයට පත් ඡායරූප ශිල්පීන් රැසක් මෙන් ම විද්වතුන් සහභාගී වන අතර ඇමෙරිකාව නියෝජනය කරමින් ඡායාරූප ශිල්පීන් රැසක් ලොස් ඇන්ජලීස් නුවර දී එක්වී සිය අත් දැකීම් හුවමාරු කරගැනීම සිදු කරයි.
එමෙන් ම ලොස් ඇන්ජලීස් නුවර පිහිටි කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ දී සුවිශේෂී වූ ඡායාරූප ප්‍රදර්ශනයක් සහ දේශන මාලාවක් පැවැත්වීමට සංවිධානය කර තිබේ.
මෙම ප්‍රවර්ධන සහ ඡායාරූප ප්‍රදර්ශනය මඟින් ශ්‍රී ලාංකික අනන්‍යතාවය, සංස්කෘතිය, ජාතික උරුමය, කලාව, අන්තර් සංස්කෘතික සබඳතා, ස්වභාව සෞන්දර්යය හා වනජීවී මෙන් ම දැනුම හුවමාරු කරගනීමේ වැඩසටහන් ඇතුළු සංචාරක ආකර්ශනයක් සහිත ශ්‍රී ලාංකික අභිමානය අභිමානවත්ව ඇමෙරිකාව ඇතුළු ලෝකය හමුවට විවෘත කිරීම අරමුණ බව ලොස් ඇන්ජලීස් නුවර පිහිටි ශ්‍රී ලංකා කොන්සියුලර් කාර්යාලයේ අධ්යක්ෂ ජනරාල් ස්වර්ණා ගුණරත්න මෙම වැඩසටහන සම්බන්ධයෙන් අඳහස් දක්වමින් පවසයි.
මේ ජායාරූප ප්‍රදර්ශනය සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රවීන ජායාරූප ශිලිපීන් වන කේ.ජී කීර්තිර්ත්න, රංජනී පෙරේරා, යමුනී රශ්මිකා පෙරේරා, විකුම් සේනානායක, රෝහිත ගුණවර්ධන, කුමාර කරුණාරත්න යන අය සහභාගී වේ.
news.lk