ප්රකට විලාසිතා නිර්මාණ ශිල්පිනි ඉසබෙල් ටොලේඩො දිවියෙන් සමුගනියි
ලොව පිළිගත් මෝස්තර සහ විලාසිතා නිර්මාණ ශිල්පිනි ඉසබෙල් ටොලේඩො අභාවප්රාප්ත වී තිබේ.
මියයන විට ඇය 59 හැවිරිදි වියේ පසු වූ ඇය වැඩි දෙනෙක් හඳුනන්නේ හිටපු ජනපති ආර්යා මිෂෙල් ඔබාමා වෙනුවෙන් විලාසිතා නිර්මාණය කළ ශිල්පිනියක ලෙස ය.
2009 වසරේ බැරක් ඔබාමා, ඇමරිකානු ජනපති ධූරයේ දිව්රුම් දීමේ උත්සවය සඳහා මිෂෙල් ඔබාමා ඇඳ සිටි ඇඳුම නිර්මාණය කිරීමේ ගෞරවය හිමිවන්නේ ද ඇයට ය.
ස්වාධින නිර්මාණකාරිනියක ලෙසින් පෙනී සිටි ටොලේඩො සිය පළමු නිර්මාණ එකතුව ඉදිරිපත් කරන ලද්දේ 1984 දී නිව්යෝක් හි රාත්රී සමාජ ශාලාවක ය. එසේ ආරම්භයක් ලත් ඇගේ විලාසිතා පසුකාලීනව ලොව පුරා සුඛෝපභෝගී විලාසිතා වෙළඳසැල්වල අලෙවි විය.
ටොලේඩොගේ විලාසිතා නිරතුරුවම විවිධත්වය හා වෙනස ඇගයීමට ලක් කරන ලදී.