“බතික් ලංකා” ජාතික ප්‍රදර්ශනය හෙට ඇරඹේ
ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශය විසින් සංවිධානය කරන “බතික් ලංකා” ජාතික ප්‍රදර්ශනය අගෝස්තු මස 29 සහ 30 දින වල බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ නුග සෙවණ පරිශ්‍රයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.
70 දශකයේ ඉතාමත් ඉහළ ආදායම් ලබමින් සංචාරකයන්ගේ ආකර්ශණය දිනාගත් මෙම බතික් කර්මාන්තය නැවතත් නඟා සිටුවමින් එම නිර්මාණකරුවන්ගේ නිර්මාණ සඳහා ලෝක වෙළඳපලේ ඉහළ මිලක් ලබා දීමටත් ශ්‍රී ලංකාවේ ආර්ථිකය යළි නඟා සිටුවීම මඟින් ශක්තිමත් ව්‍යවසායකයන් රැසක් බිහි කිරීමත් මෙහි ප්‍රධාන අරමුණ වේ.
දිවයින පුරා සිටින බතික් කර්මාන්තකරුවන් හැට දෙනෙකු පමණ මෙම ප්‍රදර්ශනය සඳහා විශේෂ නිපැයුම් ඉදිරිපත් කිරීමට සුදුසුකම් ලබා ඇත.
සෑම දිනකම බතික් ඇඳුම් ආශ්‍රිතව මෝස්තර නිරූපන දැක්මක් ද, හොඳම බතික් නිර්මාණය තෝරා පළමු, දෙවන හා තෙවන ස්ථාන හිමිකර ගන්නා ජයග්‍රාහකයන්ට සම්මාන සහතික පිරිනැමිමට කටයුතු යොදා ඇති අතර, සහභාගීත්වය වෙනුවෙන් සහ සෑම ප්‍රදර්ශන කුටියක් සඳහාම වටිනා සහතිකපත් පිරිනැමීම ද සිදුවේ. එසේම පැය දෙකකට වරක් ලොතරැයි දිනුම් ඇඳීමක් සිදු කරනු ලබන අතර, ජයග්‍රාහකයන් සඳහා වටිනා බතික් නිර්මාණ ත්‍යාග වශයෙන් පිරි නැමේ.