යුරෝපීය සිනමා උළෙලේ ප්‍රදර්ශනය කෙරෙන සිනමාපට මෙන්න
11 වැනි වරට සංවිධාන කරනු ලබන යුරෝපීය සිනමා උළෙල ඔක්තෝබර් 18 වැනිදා සිට 21 වැනිදා දක්වා ජාතික චිත්‍රපට සංස්ථාවේ දී පැවැත්වීමට සියලු කටයුතු මේ වනවිට සුදානම් කර තිබේ.
යුරෝපය සහ ලංකාව අතර සංස්කෘතික හුවමාරුව ප්‍රවර්ධනය කෙරෙන මෙම සිනමා උළෙලේ දී චෙක් ජනරජය, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, නෙදර්ලන්තය, පෝලන්තය, පෘතුගාලය, ස්පාඤ්ඤය සහ එක්සත් රාජධානිය නියෝජනය කරමින් චිත්‍රපට ප්‍රදර්ශනය කිරීමට නියමිත ය.
එහිදී ප්‍රදර්ශනය කෙරෙන සිනමාපට පහත පරිදි ය,
ඔක්තෝබර් 18 සිකුරාදා- සවස 3.30 - ස්ට්‍රේන්ජර් ඉන් පැරඩයිස්(2016|77” | නෙදර්ලන්තය)
සවස 6.30 - රේ ඇන්ඩ් ලිස්(z) (2018|107” |එක්සත් රාජධානිය)
ඔක්තෝබර් 19 සෙනසුරාදා- උදැසන 10.30 - මග් (2018|91”|පෝලන්තය)
සවස 3.30 - ද සයිලන්ස් ඔෆ් අදර්ස් (2018|77”|ස්පාඤ්ඤය)
සවස 6.30 - ද වයිස් ඔෆ් හෝප් (2018|100”|ඉතාලිය)
ඔක්තෝබර් 20 ඉරිදා- සවස 3.30 - බ්ලඩි මිල්ක් (2017|90”|ප්‍රංශය)
සවස 6.30 - වින්ටර් ෆ්ලයිස් (2018|85”|චෙක් ජනරජය)
ඔක්තෝබර් 21 සඳුදා- සවස 3.30 - වෙස්ටර්න් (2017|119”ජර්මනිය)
සවස 6.30 - ඩයමන්ටිනෝ (2018|92”|පෘතුගාලය)
සිනමා උළෙලට ඇතුල්වීම නොමිලේ.