ශාරුක්ගේ වීරයන් හමුවූ මොහොත
බොක්ස් ඔෆිස් වාර්තා අතරට නොගිය, අසාර්ථක චිත්‍රපටයක් ලෙස නම් කෙරුණු “සීරෝ” සිනමාපටයෙන් පසුව බොලිවුඩ් රංගන ශිල්පී ශාරුක් ඛාන් මේ වනතෙක් කිසිදු සිනමාපටයක් සඳහා ගිවිසුම් අත්සන් නොකළත් ඔහුගේ කාර්යබහුලත්වයේ නම් කිසිම අඩුවක් වී නැහැ.
ලොව පුරා විවිධ වැඩසටහන්, සම්මන්ත්රණ ආදී නොයෙක් කටයුතුවලට නිරතුරුවම කිං ඛාන් සිය දායකත්වය ලබා දෙන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ. ඒ අනුව, සෞදි ආරාබි රජය විසින් සංවිධාන කළ “Joy Forum” නම් දැවැන්ත වැඩපිළිවෙලට පසුගිය දිනෙක ඔහු සිය දායකත්වය ලබා දී තිබුණා. මෙය පැවැත්වුණේ සෞදි අරාබියේ රියාද් නුවර යි. ලොව ප්‍රබල රංගනවේදීන් කිහිප දෙනෙක්ම මේ වැඩසටහනට එක් වී සිටියා.
එහිදී ශාරුක්ට සිය ජිවිතයේ වීරයන් මුණ ගැසීමට හැකි වී තිබුණා. ඒ වෙන කවුරුත් නෙවෙයි ජනප්‍රිය රංගන ශිල්පී ජැකී චෑන් සහ වැන් ඩෑම්. සිය සමාජ මාධ්‍ය ගිණුමෙහි සටහනක් තබමින් ශාරුක් ඛාන් සඳහන් කර තිබුණේ තමන්ට මෙය ඉතාම සතුටුදායක අවස්ථාවක් බව යි. මෙම අවස්ථාවට හොලිවුඩ් නළු ජේසන් මැමෝවා ද එක්ව සිටි අතර 6 හැවිරිදි සිය පුතු ඇක්වාමෑන්ගේ හොඳ රසිකයෙක් බව ඔහුට කීමට ද ශාරුක් අමතක කර තිබුණේ නැහැ.